4 - 3 හෙල්ප්

303 74 13
                                    

My Friend
මධූ

_________ 4 -3 _________

( One day later )

- මධූ pov -

" ඕය් මෑඩ්ඩෑම් .... කොහෙද සිහිය තියෙන්නෙ අහ් ....? "

මගෙ ඔළුවට වැදුන පාරක් නිසා මම බෙන්ච් එකේ ඉඳගෙනම බැලුවෙ ඒ කව්ද කියලා ....

" ඔහ් , ඩොක්... ම්ම්ම් ජිමින් ඔප්පා .... !! ඔයා මෙහෙ ...!? "

මං ළඟ හිටගෙන හිටියෙ ජිමින් ....

" ඩොක්ටර් කෑලි බෑ හරි .... මං මෙහෙ කොහෙද අහන්නෙ මෝඩියෙ ,  මං එදා කිව්වෙ මං ජොගින් එන්නෙත් මේ පාර්ක් එකට කියලා .... අහ් ඒක නෙවෙයි අර වෙනදට ඔයාගෙ කෝච් වගේ එන හා කොල්ලා කෝ .... ? ඊයෙත් හිටියෙ නෑනෙ දෙන්නගෙන් කෙනෙක්වත් .... "

මං ළඟින්ම බෙන්ච් එකේ වාඩි වෙලා ජිමින් කියවගෙන යනවා ....

,,, ආ අමතක වුණානෙ එහෙම කිව්වා කියලා .... ඒත් මාවයි කුකියවයි බලන්නද මේකා පාර්ක් එකට එන්නෙ ... ,,,

" ඊයෙ එයා ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ඇවිදින්න ගියා .... අද ඉඳලා දවස් තුනක් එක දිගට බිස්නස් ටුවර් එකක් වැටිලා ... "

මම කිව්වෙ කුකී නැතුව පාළු නිසා ටිකක් දුකෙන් ....

" ඔහ් එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ...? වාහ් ... ම්ම්ම් මේ මං කිව්වෙ , මං හිතුවෙ ඔය දෙන්නා ...... "

" ආ අපි දෙන්නා යාළුවො විතරයි .... "

මම කිව්වෙ ජිමින් කියන්න හදපු එක තේරුණ නිසා ....

" මොකෝ කියන්නෙ වටයක් දුවමුද ....? "

බෙන්ච් එකෙන් නැගිටලා  ජිමින් කිව්වෙ ටී ෂර්ට් එකත් හදන ගමන් ....

" දුවන්න බෑ අනේ මට .... "

මං කුකියගෙ වදේ ඉවසගෙන වෙනදට දිව්වත් දුවන්න තරම් ෆිට් එකක් අද නෑ .... මං ඊයෙ කවියා කියද්දි දැන ගත්තෙ අර කැලෑ හාවා ලීසා එක්ක යාළු වෙලා සතියක් කියලා .... මට ඒක කිව්වෙ නැති නිසා ඒකට ටිකක් අප්සට් එකේ ඉන්නෙ ....

" දුවන්න ඕන් නෑ එන්නකෝ .... ඔයාට හිතෙන දෙයක් කරන්න .... "

ජිමින් එහෙම කියලා එයාගෙ ෆෝන් එක මගෙ අතට දීලා මට අත දික් කළා නැගිටින්න කියලා ....
මමත් කරන්න දෙයක් නැති කමට අත දීලා නැගිට්ටා ....

My Friend ( මධූ ) [ Completed ]Where stories live. Discover now