2 - 3 ආදරය

335 76 9
                                    

My Friend
මධු

________ 2 - 3 ________

- මධූ pov -  

" යා.... මෙහෙ එනවා මෝඩියේ .... අද හොඳටම පරක්කුයි .... ප්‍රොෆෙස කිම් අපිව කයි .... "

මම යුනිවර්සිටි එකේ ගේට් එකෙන් එනවත් එක්කම සඳී කිව්වෙ යක්ෂාරූඪ වෙලා වගේ ....

,,, ඔව් ඉතිං මොන ලෙක්චර් එක කට් කළත් ප්‍රොෆෙස කිම්ගෙ ලෙක්චර්ස් මේකි කට් කරන්නෙ නෑනෙ .... අනිමසලෝචන පූජාව තියන්න එපැයි .... ,,,

මම ඕක හිතුවා විතරයි කිව්වෙ නෑ .... ඒත් ,,,

" උඹට ඒකෙ අවුලක් නෑනෙ බං .... උඹ ප්‍රොෆෙසට පැණි හලන එකේ ප්‍රොෆෙස උඹව කෑවම මොකද ....? ටේස්ට් ගුඩ් .... "

කියලා කියවුනා .... කාලා හමාරයි , මූණ බලන්න ලස්සනයි .... දෙවියනේ මාව බේර ගන්න ....

" උඹට මම .... "

" මොකද මේ ළමයි දෙන්නා තාම මෙතන ....? අද ලෙක්චර්ස් ඉන්න කල්පනාවක් නැද්ද ...? "

සඳී මට ඔරවගෙන ගහන්න පනින්න හදවත් එක්කම අපේ පිටිපස්සෙන් ඇහුනෙ ප්‍රොෆෙස කිම්ගෙ කටහඬ .... දෙයියොම තමයි එවලා තියෙන්නෙ ....

මේකි යකෝ කට කනේ .... දැන් මට  ඔරෝ ඔරෝ හිටපු එකීද කියලා හිතා ගන්නවත් බෑ .... අනේ අපොයි කාට කියන්නද ....

" නෑ ප්‍රොෆෙස මේ යන ගමන් හිටියෙ .... සඳී මට කියනවා මොනව හරි කාලම යන් කියලා .... පරක්කු වුණාට ප්‍රොෆෙස මොනවත් කියන්නෙ නෑ කියලත් කිව්වෙ .... "

මම ඇඟට පතට නොදැනී බොරුවක් කිව්වෙ සඳියා දැන් කීයටවත් කට අරින්නෙ නෑ කියල දන්න නිසා ....

ඔය මං කිව්වෙ , මට සයිඩ් එකට ඔරවන ගමන් ප්‍රොෆෙසට පනාව දානවා .... මම ඇහැක් ගහලා යන්න හැරුනා ....

" කන්න නම් පස්සෙ බැරියැ ළමයි .... අද මමත් පරක්කුයි .... යමු ... "

ප්‍රොෆෙස එහෙම කියන ගමන් අපිට ඉස්සර වුණා ....

" ඌහ්හ්හ්හ්හ්හ්හ් .... "

මට කෑ ගස්සුනේ සඳියා ප්‍රොෆෙස ඉස්සර වෙනකම් ඉඳලා මගෙ අත කෙනිත්තුව නිසා .... සද්දෙට ප්‍රොෆෙසත් හැරිලා බැලුවා ....

My Friend ( මධූ ) [ Completed ]Where stories live. Discover now