යුන්ගිගේ පියවි සිහිය පැමිණෙන විට යහන් පිළි සියල්ල තැන තැන විසිරී තිබිණි. ඔවුන් දෙදෙනාගේම ඇඳුම් තිබුණේ යහන් පාමුලය.
රජුගේ සිරුරේ ඇති වූ තිබූ රතු පැහැ ලකුණු දුටු විට යුන්ගිට මරණයේ සේයා පෙනිණි.
'දෙවියනේ...'
ජිමින්ගේ දෑත් තමාගේ උරහිස් වටා එතෙනු යුන්ගිට දැනිණි. 'යන්න එපා...'
'රජතුමනි. මට සමාවෙන්න...' යුන්ගිගේ වදන් සිර කරමින් ජිමින් ඔහුව සිප ගත්තේය.
'වැරැද්ද කළේ දෙන්නා එකට නම්... අපි දෙන්නටම පව එකටයි සෙනවිතුමනි.'
'නමුත්?'
'අපි වරදක් කළේ නැතිනම් බය වෙන්න ඕන නැහැ නේද?'
'ආගමෙන්...' යුන්ගි මැතිරීය.
'දෙවි ඇපලෝ හයසින්තස් සමඟ තිබූ සම්බන්ධය ගැන අසා තිබේද සෙනවිතුමනි?'
යුන්ගි නිහඬ වූයේ එයට දීමට පිළිතුරක් ඔහු සතු නොවූ බැවිනි.
______________________________________
- නිමි -
ВЫ ЧИТАЕТЕ
GAY IS A SIN || YOONMIN || COMPLETED
Фанфик'මම... රජතුමාට ආදරෙයි...' 'ආදරය කිරීම පාපයක්.' start - 2021/06/06