'ඒත් ඇය කුඩා දරුවෙක් නේද?'
'ළමයෙක් වුණත් ඇයට රැජිනක්. ඇයට උපත ලබා දෙන්න ඉඩ හරින්න!'
ඇතැන්ස්හි පහළොස් හැවිරිදි කුමරිය තමාගේ ප්‍රථම දරුවාට උපත ලබා දුන්නේ එසේය. අන්ධකාරයෙන් පිරී තිබූ කාමරයේ දැල්වී තිබූ කහ පැහැ ඉටි පහන් වලින් මන්දාලෝකයක් පිටවිණි.
නිහඬව තිබූ ප්‍රසූතිකාගාරය දරුවෙකුගේ සහ රැජිනගේ වේදනාත්මක විලාපයෙන් පිරිණි.
වින්නඹු මව දරුවා අතට ගෙන ආලෝකයට අල්ලා පරීක්ෂා කළාය. 'පිරිමි දරුවෙක්. වාසනාවක්.'
රැජිනගෙන් ප්‍රතිචාරයක් නොලැබිණි. වැඩිදුර පරීක්ෂා කිරීමේදී රැජිනගෙන් සුසුම් නොවැටෙන බව වින්නඹු මවට තේරිණි.
යටිගිරියෙන් හඬන දරුවාගේ හඬත් සමඟ වින්නඹු මවගේ විලාපයද පිටවිය.
ESTÁS LEYENDO
GAY IS A SIN || YOONMIN || COMPLETED
Fanfic'මම... රජතුමාට ආදරෙයි...' 'ආදරය කිරීම පාපයක්.' start - 2021/06/06