:3: සිහසුන

549 182 19
                                    

ළා රෝස පැහැති වර්ණය තැවරූ පින්සල පිරුණු දෙතොල් මදින් මෘදුව ඇදිණි. ඒ මතින් තැවරුණේ ඉටි වර්ගයක් සමඟ දිය කර සෑදු තෙලකි.

දෑස් පියන් මත ළා කහ පැහැති පුයරය තවරා ඒ මතින් රන් කුඩු ඉස අලංකාර කරන ලද්දේය.

කිරිගරුඬ පැහැ සමට ගැලපෙන පරිදි නිල් මැණිකක් ඔබ්බවා තැනූ රන් මාලය ගෙලෙහි එල්වා කයිටෝනයක් ගෙන එන ලදි.

රන් පැහැ බෝඩරයක් සහිත සුදු පැහැ කයිටෝනය එක් උරහිසකින් පහළට වැටෙන සේ පළඳවන ලදි.

අවසානයට කුඩා මල් කැපූ රන් පැහැ ඔටුන්නයි.

සියලු අලංකාර කිරීම් වලින් පසුව ඇතැන්ස්හි නව පාලක විසි දෙහැවිරිදි ජිමින් කුමරු තමාගේ සිංහාසනයට පිය නැගීය.

GAY IS A SIN || YOONMIN || COMPLETEDDonde viven las historias. Descúbrelo ahora