රජුගේ දවසේ වැඩ කටයුතු අවසානයේ ශාලාවට ගෙන ආවේ එදිනට නියමිත අවසන් සිරකාරියයි. ඇගේ වරද වූයේ සමාන ලිංගිකයෙකු සමඟ කායික සම්බන්ධයක් පවත්වා ගැනීමයි.
ඇගේ එහා පසින් සිටගෙන සිටියේ සෙනවි හන්ය. ඔහුගේ දේහධාරී සිරුර ඇඳ සිටි ඇඳුමට කැපී පෙනිද්දී ජිමින් මද වේලාවක් එදෙස බලා සිටියේය.
නමුත් තවත් වරක් එය බලා සිට පාපයක් කර ගැනීමට නුවුමනා බැවින් හේ නැවතත් අනෙක් පස බලා ගත්තේය.
'සමාන ලිංගිකයෙකු සමඟ හැසිරීමේ පාපය නිසාවෙන් මැයව පල්ලිය තුළදී මරා දැමීමට ඔබගෙන් අවසර ඉල්ලා සිටිමි.' ප්‍රධාන පියතුමා බොගම් හඬ නැගීය.
ජිමින් නීතිය ක්‍රියා කරවීමට යන ප්‍රථම වතාව එය වූ අතර ඔහු වික්ෂිප්තව යුන්ගි දෙස බැලීය.
යුන්ගිගේ තද දුඹුරු පැහැ දෑස ජිමින්ගේ නිල්වන් දෑස තුළ අතරමංවිය.
'ඇයට වසර තුනක සිර දඬුවමක් ලබා දෙන්න.' යුන්ගිගේ දෑසේ මෙහෙය වීමෙන් ජිමින‍්ගේ අණ පිටවිය.
أنت تقرأ
GAY IS A SIN || YOONMIN || COMPLETED
أدب الهواة'මම... රජතුමාට ආදරෙයි...' 'ආදරය කිරීම පාපයක්.' start - 2021/06/06