අග්නි 15

2.3K 493 248
                                    

'' අග්නි.. මෙහි පැමිණෙන්න.. ''

සුග්‍රීව පැවසුවේ සිය අසිපතින් අග්නි වෙත සංඥා කරමිනි.. ඔහු අග්නිට උපකාර කිරීම පිණිස පැමිණීමට තැත් කලද මිධුනාථ විසින් ඔහුව නවත්වනු අග්නිට පෙනුණි . අග්නි නිසැකවම සැලැසුමකට අනුව ක්‍රියාකරනවග මිධුනාථට විශ්වාස විය . ධීර ද අග්නිට හිතවත් වග ඔහුට හොදින්ම සහතික විය හැකි විය . අවසානයේ වශයෙන් ඔහු හුදෙක් එක් දාසයෙක් නොවන වග මිධුනාථ හොදින්ම දැනුවත් විය .

සිනාසෙමින්ම මිගාරගේ ගෙලින් අල්ලාගෙන සිටි ගිරි අසපු ශිෂ්‍යයාගේ පාදය වෙත සැහැල්ලුවෙන් පා පහරක් එල්ල කල අග්නි මිගාර මුදවා ගෙන ක්ෂණයෙන් සුග්‍රීව වෙතට තල්ලු කලේ ඇසිල්ලකිනි .
සියලු දෙනාගේ අවධානය ඒ දෙසට යොමු වනු දුටු ධීර ඕනෑකමින්ම ගිරි අසපු ශිෂ්‍යයන්ගේ ඇගෙහි වැදුනේ මයුර ශිෂ්‍යන් දෙදෙනාට පලා යාමට ඉඩ සලසමිනි .

අවසානයේ ගැටලුවෙහි අඩක් හෝ ලිහා අවසන් කිරීමට අග්නිට හා ධීරට හැකි විය .
ථිත ද ඉක්මනින්ම තමා සතුව සිටි මයුර අසපුවෙහි  ප්‍රාණ ඇපකරු ,  මයුර අසපුව භාරයේ සිටි භීෂ සමගින් හුවමාර කරගත්තේ සියල්ල නොසන්සුන් ලෙස අවසන් කරමිනි .

සිය පිටුපසින් ගිරි අසපුවෙහි ශිෂ්‍යයන් එල්ල කල ප්‍රහාරය ඉතා සැහැල්ලු ලෙස මගහැර පිටුපසට පැනි අග්නි ඊලග මොහොතෙහි ගිරි අසපුවෙහි ශිෂ්‍ය ප්‍රධානියා වූ ජඨිල අසල විය . ඔහුගේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කල අග්නි ඔහුව පසෙකට තල්ලු කලේ ය.

'' ඕහ්.. මේ ඔබනේ... කෙසේ ද ජඨිල ... බොහෝ කලකින් නොවේ ද ?? '' අග්නි පැවසුවේ මුළු ශාලාවම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද කරමිනි .

ඔවුන් සියලු දෙනා හුස්ම ගැනීමට අමතක වූ සෙයින් බලා සිටියේ ගිරි අසපුවෙහි ප්‍රධාන ශිෂ්‍යයා හට නාමයෙන් අමතන සේවකයා දෙසයි. මිගාර ද , රුද්‍ර  ද අග්නි දෙස බලා සිටියේ පුදුමයෙන් විසල් වූ දෙනෙත් දෙසයි . අග්නි සිය දෑස්වලින් ධීර වෙත සංඥා කලේ ය . ධීරද ඉක්මනින්ම අග්නිගේ සංඥාවට ප්‍රතිචාර දැක්වීමට විය .

'' අග්නි ?? ඔබ සැබවින්ම අග්නි ද  ? '' ධීර විමසුවේ සියල්ලන්ගේ ම අවධානය ඔහු වෙත ලබාගනිමිනි . මෙවරද ඔහුගේ රංගනය විශිෂ්ට මට්ටමේ විය .

♛ අග්නි ♛Where stories live. Discover now