අග්නි 62

2.8K 445 465
                                    

'' මිධුනාථ........ එය මැලවී යනවා... '' සුලෝධජ නහයෙන් හඩමින් පවසනු මිධුනාථ අසා සිටියේ ය.

'' එය මැලවී යනවා... කුමක් හෝ සිදුකරන්නකෝ.... '' එවර ඔහුගේ හඩ ද බිදී ගියේ ය. මිධුනාථගේ දෑස් සුලෝධජගේ පාදයෙහි වු ඕලු මල් පළදනාව වෙත යොමු විය. එය තරමක් මැළවී ගොසින් තිබුණේ ය. ඔහු සිය සිරුර මත සිටි සුලෝධජ සෙමින් සයනය මතින් තැබුවේ ය.

උදෑසන හිරු එළිය කුවල්‍ය අසපුවේ නවාතැන් කුටියෙහි කවුළු අතරින් වැටී තිබූ අතර දින සතම මෙහි රැදී නොසිට අද දින නැවතත් පියාණන්ගේ කැදවීම අනුව වෛශව අසපුව වෙත පිටව යාමට සුග්‍රීව තීරණය කර තිබුණි . මිධුනාථ සයනයෙන් නැගී සිටියේ ඍජුව හිද ගනිමිනි.

'' මිධුනාථ.. එය පරව යාමට නොදෙන්න..... කුමක් හෝ සිදු කරන්න.... '' සුලෝධජ නැවතත් පවසනු මිධුනාථ බලා සිටියේ ය. මිධුනාථ කිසිවක් නොපවසා සුලෝධජගේ නළල මෘදුව සිපගත්තේ ඔහුව නිහඩ කිරීමට තමා දැන සිටි එකම ක්‍රමය එය වූ බැවිනි.

මිධුනාථ ගැඹුරු බැල්මකින් සුලෝධජ දෙස බලා සිටියේ ය . ඔහු කිසිවක් විස්තර කිරීමට නොදත්තේ ය. ඔහු සුලෝධජගේ විශාල දෑස් දෙස මංමුලා වූවෙකු ලෙස බලා සිටියේ ය. ඉන් පසු ඔහුගේ තියුණු දාරයන්ගෙන් හෙබි නිකට වෙත දෑස් යොමු කළේ ය. දෙළුම් යුෂ සදහා යන එන මං අහිමි කළ සුලෝධජගේ දෙතොල් දෙස ද මිධුනාථ මොහොතක් බලා සිටියේ ය. අනතුරුව සිය සිපගැනීම්වලින් තරමක් රත් පැහැ පැල්ලම් ඉතිරිව තිබූ ගෙල වෙත ද මිධුනාථ සිය අවධානය යොමු කළේ ය.

ඉන්පසු පිළිවෙළින් පුළුල් උරහිස් දාර වෙතටත් තවමත් දහදියෙන් නැහැවී ගොසින් දිලිසෙමින් තිබූ උඩුකය වෙතටත් දෑස් යොමු කළේ ය. ඔහුගේ සිරුරෙහි සෑම අාංගුලයක්ම , දාරයක්ම , වක්‍රයක්ම , නැමුමක්ම , මිධුනාථ ඉවසීමෙන් අධ්‍යනය කළේ ය.

සයනය මත ඔහේ වැතිරී  සිය වම් දණ හිස ද උඩට සිටින සේ නවාගෙන සිටි සුලෝධජගේ තවමත් වද වන දෑස් යොමුවී තිබූ වළලුකර වෙත මිධුනාථ ඉන්පසු දෑස් යොමු කළේ ය. ඔහු සුලෝධජගේ වළලුකර අසල සිට නිරාවරණය වී තිබූ කලවා ඔස්සේ ද සිය ගැඹුරු බැල්ම රැගෙන ගියේ ය. අනතුරුව සිය හැගීම් නැවතත් ඇවිස්සීමට පෙර අැතිරිල්ලෙන් ඔහුව මෘදුව වෙළුවේ ය .

♛ අග්නි ♛Wo Geschichten leben. Entdecke jetzt