මිධුනාථ ඇසළ අංගනයෙහි ද්වාරය අසළ නොඉවසිල්ලෙන් රැදී සිටියේ ය. ඔහු ඇසළ අංගනයට ඇතුළු නොවූ අතර සුලෝධජ කුමන මොහොතක හෝ පිටතට පැමිණේවි යැයි යන අපේක්ෂාවෙන් බලා සිටියේ ය. ඔහුගේ ඉවසීම අතිශයින් හීන වූ අතර සුලෝධජ ස්තාලය තුළට වී සිටීම ඔහු නොරිස්සුවේ ය. මිධුනාථගේ හස්තයෙහි තඹර පුෂ්පයක් සිත්තම් කළ කුඩා තල්පතක් ද ගුලිවී තිබුණි .
සිය ඉවසීමෙහි අවසන් මොහොත එළඹ ඇති වග තේරුම් ගත් මිධුනාථ අවසානයේ ඔහු තීරණයක් ගත්තේ ය. ඔහු සිය හස්තයට මිට මොළවාගෙන ඇසළ අංගනයෙහි අශ්ව ස්තාලය වෙත ඇවිද ගියේ ය. ඔහු මින් පෙර එක් වරක් පමණක් මෙලෙස ස්තාලය වෙත පැමිණ තිබූ අතර ඒ තරගාවලිය සදහා සුලෝධජ රැගෙන යාම , නැති නම් කුදලාගෙන යාම සදහා පමණක් විය.
ඔහු ස්තාලය තුළට ඇතුළු වී සිය දෙනෙත් පිදුරු අතරට යොමු කළේ ය. ඔහු අනුමාන කළ පරිදිම පිදුරු ගොඩ මත සැතපී අශ්වයෙකු හා තනිව පිළිසදරෙහි යෙදෙමින් අශ්වයාට යව ධාන්ය කවමින් සිටි සුලෝධජ ඔහුගේ දෑසට හසු විය. මිධුනාථ නොරිස්සීමෙන් සිය දෑසෙහි කණිකා ඉහළ යවා එදෙසට ගමන් කළේ ය.
'' අඥානයා.. නැගී සිටිනවා.. '' ඔහු සුපුරුදු කෝපයෙන් පැවසුවේ සුලෝධජට පා පහරක් එල්ල කරමිනි.
'' ඌය්යා.. කෲර ඉස්ගෙඩියා..... '' සුලෝධජ පැවසුවේ නොරිස්සීමෙන් නැගී සිටිමිනි. ඔහුගේ කෙස් වැටිය පිදුරු ගොඩට ද වඩා අවුල් වියවුල් වූ අතර ඔහු කෙලෙසකවත් එය නොතැකූ වග මිධුනාථ දැන සිටියේ ය.
'' ආ.. මෙය ගන්නවා. '' මිධුනාථ නොරිස්සීමෙන් පැවසුවේ සිය හස්තයෙහි වූ හසුන් පත සුලෝධජ වෙත දමාගසමිනි . ඔහු මොහොතක් සිට මිධුනාථ දෙස ද වරක් බලා අනතුරුව සිය මුහුණෙහි වැදී බිම වැටුණු හසුන් පත දෙස ද දෑස් විශාල කර බලනු මිධුනාථ බලා සිටියේ ය. මිධුනාථ ද එවර සුලෝධජ දෙසට නොරිස්සුම් සහගත බැල්මක් හෙළුවේ ය. එහි එතරම් විස්මයට පත් වීමට කරුණක් තිබේදැයි මිධුනාථ නොරිස්සීමෙන් සිතා බැලුවේ ය.
'' පෙම් හසුනක් ද ? ඔබ ද ලිව්වේ ? '' සුලෝධජ හසුන දෑතට ගෙන කුතුහලයෙන් විමසුවේ ය. ඔහු දෑස් ද විශාල කර තමා දෙස බලනු මිධුනාථ දුටුවේ ය.
YOU ARE READING
♛ අග්නි ♛
Historical FictionSTORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි...