'' නොහැකියි.. මැණියනි.. නොහැකියි... යා නොහැකියි.... ම්හි ම්හි.... ආා... ස්-ලෝධජ පවසන්න-කෝ... මා නොමැතිව සිටිය නොහැකි-යි නොවේ ද ? ...... ද්-දුටුවානේ මෑණියනි..ඔහු හිස සැලුවා..... . යා නොහැකියි......ම්හි ම්හි......මා යන්නෑ,.. මට නොහැ-කියිඊඊ.... '' කුඩා දරුවා සිය මිතුරාගේ හස්තයෙහි එල්ලී බිම අසුන්ගෙන ම හැඩුවේ ය .
'' සුලෝධජ.. පුතණුවනි... .. '' තඹර පැහැ වස්ත්රවලින් සැරසී සිටි මෑණියන් රෞද්රව රවා සිටි දරුවාව ඇමතුවේ මෘදු ලෙසයි..
'' නොහැකියි... '' අනෙක් ඔහු මැණීයන්ට ද රවමින් පැවසුවේ සිය මිතුරා දැඩිව අල්ලාගනිමිනි.
'' සුලෝධජ කුමරුනි.. ....අප යා යුතුයි දැන්... ම්ම් ? '' හඩමින් සිටි දරුවාගේ මෑණියන් මෘදුව පැවසුවා ය.
'' නොහැකියි... ඔහු දෙන්නේ නැහැ... ඔහුව දෙන්නේ නැහැ.. නැහැමයි... '' හරිත පැහැ වස්ත්රවලින් සැරසී සිටි දරුවා රෞද්රව පැවසුවේ සිය හඩන මිතුරාව සිය පිටුපසට ගනිමිනි.
'' ස්ලෝ-ධජ...න්-නිවැරදියි.. ම්ම-ට යා නොහැකියි...... '' අනෙක් දරුවා හඩමින්ම නැවතත් සිය මිතුරාගේ අතින් අල්ලා ගත්තේ ය.
'' අනුකිතා.. දුවණිය, නුඹට නැවත පිටව යාමට අවශ්යම ද ? '' තේජවන්ත පෞර්ෂයකට හිමිකම් කී මුනිතුමන් සෞම්ය ලෙස විමසුවේ ය.
'' ඔහු ශිල්ප හැදෑරිය යුත්තේ ඔහුගේ මුනි කුලයෙන් , පියාණෙනි.. '' සිය දෑතෙහි වූ ගමන් මලු දෙක ඔසවා ගෙන සිටි කාන්තාව මුනි තුමන් වෙත සෞම්ය ලෙස පැවසුවා ය. ඇයගේ දෙකොපුල් ගැඹුරට වල ගැසුණු අතර ඇයගේ කාල වර්ණ දෙනෙත් තාරුකා මෙන් කාන්තිමත් විය.
මුනිතුමන් කිසිවක් නොපැවසුවේ ය. ඔහු අනුමත කරමින් හිස සැලුවේ ය. ඔහුගේ මුහුණෙහි තැවරී තිබූ බැල්ම බැරෑරුම් විය .
'' ගුරුතුමනි... අනුකිතා මෑණියන්ට පවසන්න.. මා ඇය හා උරණ වග.... ඔහුව දෙන්නේ නැහැ... නැහැ... '' කුඩා දරුවා මුරණ්ඩු ලෙස පැවසුවේ සිය ගුරුතුමන් දෙස බලමිනි .
'' සුලෝධජ.. '' වාගිෂ්ඨ මුනිතුමන් ගැඹුරු හඩින් ඇමතුවේ ය.
'' බැහැ.. දෙන්නේ නැහැ... ඔහුව දෙන්නේ නැහැ... නොහැකියි... ඔහුව රැගෙන යන්න එපා... සමීප වෙන්න එපා.. ඔහුව දෙන්නේ නැහැ.... '' කුඩා දරුවා කලබලයෙන් පැවසුවේ සිය හඩන මිතුරාව තමාගේ පසෙකට ගනිමිනි.
YOU ARE READING
♛ අග්නි ♛
Historical FictionSTORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි...