අග්නි 47

2.1K 447 256
                                    

'' ප්‍රවේසමින් , ගල් සියඹලෝ... '' අග්නි පියඹාගිය කුඩා සමනලයා වෙත මිමිණුවේ ය.

'' ඔහු දැන් නිදහස්... ඔබ දන්නවා ද අග්නි.. මිගාර සිටියා නම් ඔහුත් මේ අයුරන්ම පියඹා යාවී... අද... අද මාගේ ජන්ම දිනය මා හට කුමක් හෝ සකසා දෙන්න.....  , මාගේ කෙස් ඉහළට කර බදින්න ඛාදී... තාලී , ඔබ මට ත්‍යාගයක් ලබා දෙන්නේ නැති ද ? තාලී , ඛාදී,... ... ඔහු එලෙස පවසමින් දිව යාවි.. නාමයෙහි අරුත සේම ඔහු මුව පොව්වෙක්...  '' ඛාදී දේවිය කුඩා සමනලයා දෙස බලමින්ම පැවසුවා ය. අග්නි කිසිවක් නොපවසා නිහඩ විය. ඔහු සන්සුන් බැල්මෙන් එදෙස බලා සිටියේ ය.

'' ඔන්න මිගාර ...ඔබේ ගල් සියඹලා නිදහස්...ඔබ දුටුවා ද ගල් සියඹලා පියඹා ගියා.. '' අග්නි  මිගාරගේ ශිලා සෙහොන දෙස හැරී පැවසුවේ ය .

'' මිගාර.. ඔහුට තිබුණේ කහ පැහැති පියාපත්... ඔබ හා තාලි ඔට්ටු ඇල්ලුවා සිහිපත් වේ ද ? ඔබ පැවසුවේ ස්වේත පියාපත් වග... තාලි දිනුම්... ඔබට දැන් අැය පවසන දෙය සිදු කිරීමට වේවි.. ඇය ඉක්මනින් නැවත පැමිණේවි... ඇයට කාලය අවශ්‍යයි.. ඇය හා උරණ වන්න එපා මිගාර... වැටහුණා ද ?  '' ඛාදී ද මද සිනහාවකින් යුතුව පැවසුවා ය.

'' ගල් සියඹලා පිටව ගිය පසු මා හට තමා කව්රුන්වත් නොමැති... '' අග්නි දෙතොල් උල් කරමින් පැමිණිලි කළේ ය.

'' කිම ද ? අශ්ව ස්තාලයෙහි අශ්වයන් ප්‍රමාණවත් නොවේ ද ? '' ඛාදී විමසුවේ අග්නි දෙස බලා මද සිනහාවක් පාමිනි.

'' පසුගිය දිනවල මා මිධුනාථගේ කුටියේ සිටි බැවින් ඔවුන් උරණ වෙලා මා සමග... මා රාත්‍රියේ සැතපීමට අශ්ව ස්තාලය වෙත ගිය විට ඔවුන් රවා අනෙක් පස බලාගන්නවා....'' අග්නි ද පෙරළා පැවසුවේ ය. ඔහු පැවසූ කරුණ සැබෑවක් විය . සිය පාදය සැලකිය යුතු පමණකට සුව වූ පසු ඔහු සුපුරුදු පරිදි අශ්ව ස්තාලයෙහි සේවය කළ ද අශ්වයන් ඔහු හා කතා නොකළේ ය .

ඛාදී දේවියගේ සිනහව එවර තරමක් හඩින් විසිරී ගියා ය. ඇයගේ සිනහව අතිශයින් සවනට ප්‍රිය සංගීතයක් බදු විය. නමුත් ඇය එකවරම විශාල වරදක් සිදු කළා සේ නිහඩ විය.
අග්නි ඇය දෙස ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළුවේ ය.

♛ අග්නි ♛Donde viven las historias. Descúbrelo ahora