අග්නිගේ ඇමතීමට මිධුනාථ ක්ෂණයෙන් හැරී බැලු නමුත් කිසිවක් නොපැවසුවේ ය. මිධුනාථ සන්සුන්ව දෑස් වසාගත්තේ ය. තත්පර කිහිපයක්ම ඔහු නැවත දෑස් විවර කරන තුරු අග්නි ඉවසීමෙන් බලා සිටියේ ය.
'' පවසන්න.. '' මිධුනාථ මද වෙලාවකින් පැවසුවේ දෑස් නැවතත් විවර කරමිනි . ඔහුගේ හඩෙහි අග්නි අපේක්ෂා කල කෝපය නොවී ය. එපමණක් නොව ඔහු රෞද්‍ර ලෙස හෝ ඍජුව ද අග්නි දෙස නොබැලුවේ ය.
මිධුනාථගේ ඇසිපිය පොළොව වෙත ලම්භකව පිහිටන මෙන් අර්ධ ලෙස පියවී තිබුණේ ය. ඔහු දෑස් අඩවන් වූ ශිලා පිළිමයක් මෙන් විය.'' ආම්.. '' අග්නි ගොත ගැසුවේ ය. තමා පැවසීමට ගිය දෙය ඔහුට සැබවින්ම සිහිපත් නොවී ය.
'' නැවත එවැන්නක් සිදු නොවේවි.. '' අග්නි තවත් යමක් පැවසීමට පෙර මිධුනාථ පැවසුවේ ය. මිධුනාථගේ හඩ සුපුරුදු පරිදි රළු වූ නමුත් එහි කෝපයක් නොවී ය. ඔහු හිස එසෙව්වේ ද නැත.
අග්නි , මිධුනාථ පැවසූ දෙය වටහා ගැනීමට උත්සහ කලේ ය. අවසානයේ ඔහුට එය වැටහී යන්නට විය. '' නැවත එවැන්නක් සිදු නොවේවි..'' යනු මිධුනාථ '' සමාවෙන්න '' යන වදන වෙනුවට පවසන වදන විය යුතු විය. අග්නිගේ මුවින් සිනහාවක් නික්මුණි . මිධුනාථ කිසිදිනෙක මෙලස තමාගෙන් සමාව ගනු අතැයි ඔහු සිහිනයෙන් හෝ කෙලෙසකවත් අපේක්ෂා නොකළේ ය. එලෙසම ඔහුට වරදකාරී හැගීමක් දැනුණු විට ඔහු අදාළ පුද්ගලයා දෙස ඍජුව නොබලයි. ඇහි පිහාටු ද පොළොවට ලම්භක වන සේ දෑස් අඩවන් වෙයි.. '' ඔහෝ.. වරදකාරී මිධුනාථ..'' අග්නි තමාටම මුමුණාගත්තේ සිනාසෙමිනි.
මිධුනාථට සැබවින්ම යමක් ප්‍රකාශ කිරීමට වදන් අනවශ්‍ය විය. ඔහු සිදුකරන්නේ කුමක්ද , පැවසීමට යන්නේ කුමක්ද සියල්ලම ඔහුගේ මුහුණින් සියුම් ලෙස ප්‍රකාශයට පත් වනු අයුරු අග්නිට අනුව විස්මය සහගත විය.
අග්නි නැවතත් තරමක් හඩින් සිනාසුණි .එවර මිධුනාථ හිස ඔසවා බලා අග්නි වෙත රැව්වේ ය. අග්නි කිසිවක් සිදුනොවන සේ සිය නිරුපද්‍රිත හස්තයෙන් මුව වසාගත්තේ ය.
'' කුමක්ද නුඹ පැවසීමට ගියේ ඉදින් ? '' අග්නි සිනාසුණේ තමාට වග වැටහුණු මිධුනාථ නොරිස්සීමෙන් විමසුවේ ය.
YOU ARE READING
♛ අග්නි ♛
Historical FictionSTORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි...