මිධුනාථ සිය උකුල මතම සුවසේ සැතපී සිටි සීහශාලී සයනය මතින් තබා ඇයට නින්දේ දී ශ්වසනය පහසුවන පරිදි සදුන් ධූම බන්දේසියක් ද දැල්වූවේ ය. ඇයගේ කැරලි සහිත කොණ්ඩයට ද අවුල් නොවන සේ මෘදුව සකස් කළ ඇයගේ නළල මෘදුව සිපගත් මිධුනාථ නැගී සිටියේ ය.
රාත්‍රී කාලය උදාවී හෝරා දෙකක් ගතව තිබුණ ද සුලෝධජ නොපැමිණීම මිධුනාථ තරමක් කලබලයට පත් කළේ ය. ඔහු සෑම දිනකම සීහශාලී සැතපීමට පෙර නිසැකවම සීහශාලී බැහැදකින වග මිධුනාථ දැන සිටියේ ය.ඔහු තරමක් නොරිස්සුමෙන් කුටියෙහි එහා පස සිට මෙහා පසට ඇවිද්දේ ය. තමාගේම පියවරවල කලබලකාරීබව කුටිය පුරා දෝංකාර දීම මිධුනාථ , තවත් කෝපයට හා කලබලයට පත් කරවී ය.
ඔහු සිය අසිපත සුරතට ගෙන නැගීසිටියේ ය .ඔහු කෙලෙසකවත් ඉවසීම යනුවෙන් වදනක් නොදැන සිටි අතර මිධුනාථ සිය ඉවසීමෙහි උපරිම අවස්ථාවෙහි විය . ඔහු කුටියෙහි ද්වාරය විවර කිරිමට සැරසෙත්ම සුලෝධජ සිය දෑස් ඉදිරියේ විය .
'' තමුන් මහ හිසරදයක් !! '' මිධුනාථ ප්‍රථමයෙන්ම කඩා පැන්නේ ය. මිධුනාථ තමාගේ කෝපයට හේතු නොදැන සිටි අතර එය ඔහුව වඩාත්ම කෝපගැන්වූ කාරණය විය .
මිධුනාථ සිය සුපරික්ෂාකාරී දෑස් සුලෝධජ ඔස්සේ රැගෙන ගියේ ය. අනතුරුව ඔහු වෙත රවා ඔහුව අනෙක් පස ද හරවා උපද්‍රවයක් නොමැති වග සනාථ කරගත්තේ ය. ඔහුගේ දෑත් හා දෙපා ද නිරුපද්‍රිත වග දැක අවසානයේ සැනසුම් සුසුමක් හෙළුවේ ය. තමා ඔහුව තෙවරක් ඒ මේ අත හරවමින් පරීක්ෂා කළ වග මිධුනාථගේ සිහියෙහි නොවී ය. ඔහුට හුදෙක් සුලෝධජ නිරුපද්‍රිත වග නිසැකවම දැන ගැනීමට අවැසි විය .
සුලෝධජ තමා දෙස මේ කුමන විකාරරූපි ක්‍රියාවක් ද ආකාරයේ බැල්මක් හෙළා සිටිනු දුටු මිධුනාථ ඔහු වෙත රවා ඔහුගෙන් මදක් පසෙකට විය . තරමක් ඈතින් පිටුපසට වී බිමට නෙත් හෙළා සිනාසුණු ධීර වෙත මිධුනාථ දැවී අළුව යන පරිදි රැව්වේ ය. ඔහුගේ ප්‍රථම රාජකාරීය තමාට සිනාසීමට බලා සිටීම වග මිධුනාථ නොරිස්සීමෙන් සිතුවේ ය.
'' ධීර... ඔබ දැන් පිටවන්න.. සුබ රාත්‍රියක්.. '' සුලෝධජ ධීර වෙත පවසනු මිධුනාථ අසා සිටියේ ය.
YOU ARE READING
♛ අග්නි ♛
Historical FictionSTORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි...