"ලීසා............"
ඇස් වලින් හෝ ගාලා වැටෙන කඳුළු වැල් එක්ක ජෙනී මං ගාවට දුවගෙන ආවා."ජෙනී මොකද මේ!?!?!? කෝ බලන්න..... ඇයි මේ ආ.......!?"
මං ජෙනීගෙ මූන මගේ අත් දෙකෙන් අල්ල ගත්තෙ එයාගෙ ඇස් වලින් වැටෙන කඳුළු මට බලාගෙන ඉන්න බැරි නිසා.
"කෝ මේ බලන්න...... ඇයි මේ...... මටත් කියන්න බැරි දෙයක් ද........""අනේ ලීස් මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න....."
ජෙනී මට තුරුළු වෙලා හොඳටම අඬනවා. මට ඒ කඳුළු බලං ඉන්න බෑ තමයි ඒත් මට ඒවා නතර කරන්නත් බෑ.
මොකද මං දන්නවා කෙනෙක්ට අඬන වෙලාවක දෙන්න පුළුවන් නරකම උපදෙස අඬන්න එපා කියන එක කියලා.එයා පැයක් විතර මට තුරුළු වෙලා අඬන්න ඇති. එයාගේ කඳුළු වලින් මාවත් තෙමිලා. ඒත් මං එහෙම්මම හිටියේ එයාගේ වචනයක් අහක දාන්න මට බැරි හින්දා.
"ලීසා.............."
අන්තිමට එයා මගෙ තුරුලෙන් ඈත් වෙලා කඳුළු පිහිදගෙන කතාව කියන්න පටන් ගත්තා.( A/N : හොඳයිද කතාව🌝. වචන නං ඔච්චර තමයි. ඔයිට වඩා බලාපොරොත්තු තියා ගන්න එපා. )
YOU ARE READING
𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩 𝐕𝐬 𝐋𝐨𝐯𝐞 🥀ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔︎
FanfictionA Sinhala GL story 🥀 Cover by :- 2_seok_lover [ SOY'S COVER SHOP ].