Chapter 36

327 93 14
                                    

Chapter 36

"ජන්කුක්... මට ඔයාට කියන්න දෙයක් තියනවා... ඔයා මං ගැන දැනන් හිටියේ නැති දෙයක්..."

"මොකද්ද?"

"මට කිසි කෙනෙක්ට ආදරේ කරන්න බෑ..."

"ඒ ඔයා බය නිසාද?"

"නෑ..ජන්කුක් ..."

"මාත් එක්ක එන්න. මං ඔයාට ලස්සන දෙයක් පෙන්නන්නම්"

ඊළග දවසේ උදේම ජන්කුක් ජිමින්වත් එක්කන් දිය ඇල්ලක් ගාවට ගියා. එතන කොයි තරම් ලස්සන වුනත් ජිමින් ලොකු දෙගිඩියාවකින් හිටියේ. එයාට එයාගේ ලෙඩේ ගැන ජන්කුක්ට කියන්න ඕනේ වුනේ නෑ. ජිමින්ට ඕනේ වුනේ මොන වේදනාවක් තිබ්බත් මුලු හදවතින්ම ජන්කුක්ට ආදරේ කරන්න.

"ජිමින් මොන දේ වුනත් ඒක ආදරයකට බාධාවක් වෙන්නේ නෑ. අපි උත්සාහ කරමු. මම කවදාවත් අපේ මේ බැදීම අත අරින්නේ නෑ."

ජන්කුක්ගේ පිටිපස්සෙන් ජිමින් දිය ඇල්ල උඩටම ගියා. දිය ඇල්ලේ උඩම තිබ්බ ගලක් උඩ හිට ගත්ත ජන්කුක් ජිමින්ටත් නගින්න එයාගේ අත දුන්නා. නිකන්ම නෙමෙයි කපටි හිනාවකුත් එක්ක. ජිමින්ට නම් ඒ හිනාව අලුත් දෙයක් නෙමෙයි. මොනා හරි වැඩක් කරන්න තමා ජන්කුක් යන්නේ කියලා ජිමින්ට තේරුනා. ජිමින් හිතන්නත් කලින් ජන්කුක් ජිමින්වත් බදාගෙන දිය ඇල්ලෙන් පහලට පැන්නා. ජිමින් ගොඩාක් බය වෙලා ජන්කුක්ගේ ඇගේ එල්ලුනා. ඒත් ජන්කුක්ට මේ වගේ වැඩ අලුත් දේවල් නෙමෙයි.

දිය ඇල්ලෙන් පහල ගඟ ටිකක් ගැඹුරු නිසා ජන්කුක් ජිමින්වත් අල්ලගෙන පීනලා ඇවිත් ගඟේ පාවී පාවී තිබ්බ ලී පහුරක් උඩට නැග්ගා. ජිමින් නම් හොදටම බය වෙල හති අරිනවා.

"බය වුනාද?"

"බය වුනාදත් අහන්නේ?"

"බය වෙන්න එපා මට මේ වගේ භයානක දේවල් කරන්න හොද පළ පුරුද්දක් තියනවා."

ජිමින් ජන්කුක්ව ලී පහුරෙන් ගඟට තල්ලු කරලා දැම්මා. Balance එක නැති වෙලා ජිමිනත් අනිත් පැත්තෙන් පහුරත් එක්කම පෙරලුනා. හරහට පෙරලුනු පහුර උඩ අත් දෙක තියා ගත්ත ජන්කුක් ජිමින්වත් එතනට ඇදලා ගත්තා.

"ආදරය වෙනුවෙන් අවධානමක් ගන්න කැමතිද ඔයා?"

"අනිවර්යයෙන්"

ජිමින් ජන්කුක්ගේ තොල් වල පොඩි හාදුවක් තිබ්බා. ජන්කුක් ආයෙත් ජිමින්ගේ තොල් වලට ඇදිලා ගියේ ඒ වගේ පිරිපුන් තොල් දෙකක ස්පර්ශය එයා මීට කලින් ලබලා නැති නිසා. ජන්කුක් එක්ක සතුටින් කාලය ගත කරද්දී ජිමින්ට එයාගේ ඇගෙන් ආව වේදනාව පවා සම්පූර්ණයෙන් අමතක වෙලා ගියා.

( ඕතර්ට හොරෙන් මන් ගානේ තව එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( ඕතර්ට හොරෙන් මන් ගානේ තව එකක්. 🤭 මන් Chim_chimmy03 )

SARANGWhere stories live. Discover now