Chapter 44

324 85 2
                                    

Chapter 44

ජිමින් එයාගේ ඔම්මාත් එක්ක ආයෙත් ලගින් ඉන්න පුරුදු වුනා. සති අන්තයේ නම් ජිමින් හිටියේ ටේ එක්ක එයාලගේ ගෙදර. දවසක් ජිමින් අහම්බෙන් ජන්කුක්ගේ කාමරේට ගියා. එයාට ඒ කාමරේ ගැන කිසිම මතකයක් තිබ්බේ නෑ. ඒත් ඒ කාමරේ තිබ්බේ ජිමින්ට හොදට හුරුපුරුදු සුවදක්. ඒ කාමරේ ඇතුලේ තිබ්බ තවත් කාමරයක් දොරක් ඇරපු ජිමින් දැක්කේ එයාව ඇදලා තිබ්බ චිත්‍ර වලින් පිරුනු බිත්තිය. ඒ තරම් ලස්සන චිත්‍ර ගැන එයාට මතකයක් තිබ්බේ නෑ.

ඒත් එකක් ඇරෙන්න. ජිමින්ට මතක් වුනා club එකකදී කෙනෙක් ජිමින්ව ඇදපු චිත්‍රයක් එයාට දීපු සිද්ධිය. ඒත් ඒ කවුද කියලා ජිමින්ට මතක තිබ්බේ නෑ.

ජිමින් හැමදාම හියුන්ලාට හොරෙන් එතනට ඇවිල්ලා එයාට මතක නැති දේවල් මතක් කරන්න උත්සාහ කලා. 

SARANGWhere stories live. Discover now