Chapter 48
Suga's pov
මේ ලෝකේ ජිමින් කවදාවත් ආදරය නැතුව තනි වුනේ නෑ. මම ජිමින්ගේ Guardian angel. පොඩි කාලේ ඉදන් මං එයාව පරිස්සමෙන් බලා ගත්තා. ඒත් එයාට මාව පෙන්නේ නෑ. ජිමින් එයාගේ ලෙඩේ නිසා ගොඩාක් විදෙව්වා. මට ඕනේ වුනේ එයාව හොද කරවන්න. ඒ නිසා ජිමින්ට හැඟීම් ඇති කර ගන්න මං එයාට අවස්ථාව හදලා දුන්නා. ජිමින්ව සනීප කරන්න පුලුවන් නම් ඒ එකම ක්‍රමය ජිමින් එයාගේ මුලු හදවතින්ම කෙනෙක්ට ආදරය කරන එක. ඒක එයාට වේදනාකාරී වෙන්න පුලුවන්. ඒත් ඒ ආදරයෙන් වෙන් වෙලා ඉන්න බැරි වෙනකොට ජිමින්ගේ හදවත ඒ කෙනාව හොයා ගෙන යනවා.
මං හිතුවා වගේම ජිමින්ගේ හිත කෙනෙක්ට ඇදිලා ගියා. ඒ ජන්කුක්. මං එයා මොන වගේ කෙනෙක්ද කියලා හොයලා බලන්න හිතුවේ ජිමින්ගේ ජීවිතය අවධානමක දාන්න බැරි නිසා.
මං එයාල එක්ක ඉද්දී පළවෙනි වතාවට කෙනෙක් මාව ඇල්ලුවා. ඒ Hoseok. මං දන්නේ නෑ එයාට මාව පෙන්නේ කොහොමද කියලා. ඒත් එදා ඉදන් අනිත් අයටත් මාව පෙන්න ගත්තා. මාත් එයාලගේ යාලුවෙක් වුනා.
මං හිතුවා වගේම ජිමින් ජන්කුක් වෙනුවෙන් එයාගේ ආදරේ වෙනුවෙන් එයාගේ ජීවිතේ අවධානමක දැම්මා. ජන්කුක් එක්ක ඉද්දී ඒ වේදනා අතරින්ම ජිමින් හොද වෙන්න පටන් අරගෙන තිබ්බ විදිය මං දැක්කා.
ජන්කුක්ගෙන් වෙන් වෙලා හිටපු අවුරුදු 3 ඇතුලත ජිමින් සම්පූර්ණයෙන්ම හොද වුනා. ආයෙත් ඒ දෙන්නා එක් වුන එක ගැන මට හරිම සතුටුයි.
මගේ ජීවිතේ ගැන කිව්වොත්...
Hoseok ට මගේ හිතේ කැමැත්තක් තිබ්බේ නෑ කිව්වොත් ඒක බොරුවක්. මම මේ ලෝකෙට ආව වැඩේ ඉවර වුනත් මට ආයෙත් යන්න විදිහක් තිබුනේ නෑ. Guardian Angel කෙනෙක් විදිහට මං මීට කලින් කිසිම කෙනෙක් ගැන හැඟීම් ඇති කර ගත්තේ නෑ මොකද මිනිස්සු ජීවත් වෙනවා, ඒ වගේම මැරිලා යනවා. ඒත් Hoseok මාව වෙනස්ම කෙනෙක් කලා. මම දැන් එයත් එක්ක ජීවත් වෙනවා සතුටින්.
YOU ARE READING
SARANG
FanfictionHow to find love when you are not being able to love... SARANG a Jikook one-shot fanfiction by @Kitsune3JK *@Kitsune3JK was changed to @Kitsune_Kookmin Started - 29th June 2021 Ended - 8th July 2021 Hope you guys like it.