Chapter 14
JJK's pov
මම එයා ගාවට ගිහින් ඉදගන්න කල්ම එයා මාව දැක්කේ නෑ. එයා බය වෙලා වගේ මං දිහා බලන් හිටියා. හරිම ලස්සනයි. එතකොට මම ඊයේ ඇත්තටම එයාව දැකලා. මේක හීනයක් නෙමෙයි.
"කොහොමද ඔයාට? ඔයා මේ club එකේ ඉන්නවා මම ඉස්සෙල්ලම දැක්කේ ඊයේ. ඔයා මෙහෙට අලුතින් වගේ. මම Jeon Jungkook."
මම එයා දිහාවට අත දික් කලේ එයාවත් අදුර ගන්න හිතාගෙන. ඒත් එයා පිටිපස්සට ගියේ හරියට එයාව අදුන්වලා දෙන්න කැමති නෑ වගේ. හරි කුකී ඒකට කමක් නෑ. ඔයාගේ වැඩේ කර ගෙන යමු. මම අත ආයෙත් පිටිපස්සට ගත්තා.
"ඔයාට මාව අදුන්වලා දෙන්න ලැබුන එක ගැන සතුටුයි. ම්ම්ම්.... මේක ඔයාට. මම විනෝදාංශයක් විදිහට මම දකින ලස්සන දේවල් අදිනවා."
මම එයාගේ චිත්‍රය එයාට දුන්නා. එයා මුකුත් නොකියා ඒක ගත්තේ ගොඩාක් කුතුහලයෙන්. එයා විනාඩි කීපයක් ඒක දිහා බලාගෙන හිටියා. මම එයාගේ මූණ දිහා කන්න වගේ බලන් හිටියද මන්දා ඒ වෙලේ.
"ඒක හරිම ලස්සනයි, Mr.Jeon"
ලස්සන හිනාවක් එක්ක එයා ආයෙත් ඒක මගේ අත් උඩින් තිබ්බා.
"ඒක ඔයා තියා ගන්න..."
මම ඒක ආයෙත් එයාගේ අත් උඩින් තිබ්බා. එයා ගොඩාක් ආසාවෙන් ඒක ගත්තා.
"මට සමා වෙන්න Mr.Jeon මම දැන් යන්න ඕනේ..."
"මෙච්චර ඉක්මනට... හරි පරිස්සමෙන් යන්න..."
YOU ARE READING
SARANG
Fiksi PenggemarHow to find love when you are not being able to love... SARANG a Jikook one-shot fanfiction by @Kitsune3JK *@Kitsune3JK was changed to @Kitsune_Kookmin Started - 29th June 2021 Ended - 8th July 2021 Hope you guys like it.