Park shin hye............. වරෙන් ගෑනියෙ ඇතුලට
හරි හරි එනවා තමයි මෙතන බුදියන්නෑ මං
මොකද බොල ඔච්චර කෑ ගහන්නෙ උගුර රිදෙන්නැද්ද උබේ
උබ සීතලේ ඉදලා ලෙඩ උනාම උබේ ඔප්පා මට බනින්න පටන් ගත්තම උගුර නෙමෙයි මගෙ කන් දෙකට දෙවි පිහිටයි
එහෙම තමා මගෙ ඔප්පා මං එයාගෙ සූටි හුරතල් නංගිනෙ හුම් .
අනේ ඔව් හරි සූටි බබා තොටිල්ලක දාලා නලවන්න ඕනෙ
උබ මගෙ වෙන්ඩ නෑනා හින්දා දැන්ම ඉදන් මාව ආදරෙන් බලා ගනින් නැත්තම් මං ඔප්පට කියලා උබව ගෙදරින් එලවනවා
එලවයි එලවයි උබ කිව්ව ගමන් අනේ කට පියන් හිටු ගල් ඉබ්බියෙ
මේ ඒක නෙමෙයි ශුඩූ
මොකද තෝ බටර් ගාන් එන්නෙ
මට party frock එකක් අරන් දෙනවකො
අනේ මේ නිකන් ඉදහන් මට වෙන වැඩ නෑ කියල හිතුවද අනික කාගෙද party ය?
යාලුවෙක්ගෙ බං. හැබැයි මං කියනව අරක ඔප්පට
පිස්සුද සත්තලන් මං ඕන දෙයක් අරන් දෙන්නම් සත්තලන් ඔයාට. ඔයාට නොදෙන දෙයක් තියෙනවද මේ රිශී ලග
මට මොනා හරි ගන්න ඕනෙ උනාම මං කරන්නෙ රිශීව බ්ලැක්මේල් කරන එක ඕකි දවසක් කරපු ගොං වැඩක් හින්දා දැං ඒකිට මං කියන කියන එක අරන් දෙන්න වෙලා
රිශී ඉස්සර ගොඩක් වෙලාවට අපේ ගෙදර. එනවා මාව බලන්න නම් නෙමෙයි ඕකි මගෙ ඔප්පට පැණි හල හල ඔප්පා බලන්න එන්නෙ. මේකි අපේ ගෙදර ආපු දවසක කුකියත් අපේ ගෙදර ඇවිල්ලා. හිටියා කුකී කියන්නෙ ඔප්පගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඔන්න ඒ දවසෙ අපේ මෝඩ රිශී කුකියට මං දීපු බනානා මිල්ක්ශේක් එක වැරදීමකින් බීලා. කුකියා ඒක ටේබල් එක උඩින් තියලා හතර වටේ රවුම් ගැහුවෙ නැත්තම් ඕක වෙන්නෑ ඉතින්. රිශී ඒක බොනව දැක්කෙ මං විතරයි. මං බොන්න එපා කියද්දි මේ ගොනා ඒක බීලා ඉවරයි. කුකියා ගාඩ්න් එකේ ඉදන් ඇවිත් බලද්දි මිල්ක්ෂේක් එක නෑ. කුකී හිතුවෙ ඒක බිව්වෙ ඔප්පා කියලා. ඔප්පා කොච්චර නෑ කිව්වත් කුකී පිලි ගත්තෙ නෑ. මොකද මං පොඩි කාලෙ ඉදන්ම ඕව බොන්න ආසම නෑ. රිශී බිව්වෙ නෑ කියලා මං කිව්වා. වෙන බොන්න කෙනෙක් නෑනෙ ඉතින් ඕකට මගෙ අහිංසක ඔප්පව අහු උනා. එදා කුකියා ඔප්පා එක්ක තරහ වෙලා ගියා. ඕකා බොරුවට තරහ උනේ කියලා මං නම් දන්නවා ඒත් අපේ ඔප්පා ගොනානෙ. ඊට පස්සේ හුගක් දවස් යනකම් කුකී යාලු උනේ නෑ. පස්සෙ ඔප්පා කුකියට කියලා ඉල්ලන ඕනෙ වෙලාවක බනානා මිල්ක්ශේක් අරන් දෙන්නම් යාලු වෙනවද කියලා. කුකියටත් මරු චාන්ස් එකනෙ මූ යාලු වෙලා. එදා ඉදන් අරූ මගෙ ඔප්පගෙන්ම මිල්ක්ශේක් ගන්නවා ඒ හින්දා ඔප්පා මිල්ක්ශේක් එක බිව්වා එකා එක්ක හෙන තරහකින් ඉන්නෙ. ඕක අල්ලන් මං මේකිව බය කරලා මට ඕනෙ ඒව ගන්නවා. මේකිත් ඔප්පටම ගැලපෙන ගොනෙක්. කෝමද මගෙ මොලේ 😎 ගැම්මක් තමයි ඉතින්
රිශී එක්ක කියෝ කියෝ ඉදලා මං උඩට ආවෙ නිදා ගන්න ඒ එක්කම මට කෝල් එකක් ආවෙ ඔප්පගෙන්
යොබුසෙයෝ ඔප්පා
යොබුසෙයෝ ශිනූ මොකද කරන්නෙ
නිදා ගන්න හැදුවෙ
හ්ම් කෑවද
ඕ ඔයා
ඔව්. හෙට උදේම එනවා හරිද
බෑ
වේ
මට ඕනෙ හින්දා
අනේ මේ මගෙන් ගුටි නොකා එනව උදේම මට පාළුයි මේ ගෙදර තනියම ඉද්දි
ඇයි හොස්පිටල් යන්නැද්ද
නෑ . එනවා හරිද
හපෝ හරි හරි එන්නම් මං තියනවා නිදි මතයි බායි
බායි
ඔම්මායි අප්පයි නැති උන දවසෙ ඉදන් ඔප්පා මාව ගොඩක් පරිස්සමෙන් බලා ගත්තෙ . යාලුවෙක්ගෙ ගෙදර ගියත් මේ යකා කෑ ගහනව එන්න එන්න කියලා. තනියම කොහෙවත් යන්න දෙන්නෙත් නෑ වැඩිය දන්නැති උන් හිතයි අපි කපල් එකක් කියලා. මට තමන්ගෙ කෙනෙක්ට හිටියෙ ඔප්පා විතරයි වගේම ඔප්පට හිටියෙත් මං විතරයි නිසා ඔප්පා මට හෙන ආදරෙයි මට සීරීමක්වත් වෙනවට එයා කැමති නෑ. ජින් එක්ක යාලු උනාමත් මුලින් කැමැති උනේ නෑ. ජිනූගෙ හැම විස්තරයක්ම හොයලා තමයි කැමැත්ත දුන්නෙ එයාගෙ වැරැද්දක් නෑ ඉතින් එයාගෙ නංගිට මොනා හරි උනොත් එයා ඒක කොහොම දරා ගන්නද. දැන් මින්හො කියලා කොල්ලෙක්ව මට සෙට් කරන්න හදනවා ජින් මාව අත ඇරලා කියලා හිතලා. එයාට බනින්නත් බෑ එයාට බය ඇති මං තනි වෙයි කියලා
මාත් ඔප්පට පණ ඇරලා අප්පගෙන් ලැබෙන්න ඕනෙ ආදරේ ආරක්ෂාව මට ලැබුණෙ ඔප්පගෙන්.
කියවන vote කරන හැමෝටම කම්සාහම්නිදා. Saranghe 💜
YOU ARE READING
❤️ EPIPHANY ❤️ ( Completed )
Fanfiction" ඔයා හිතනවද එයා එයි කියලා " ❗ Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮