💮💮අටවැනි කොටස💮💮

532 85 38
                                    


ජිසෝ හෙන සීරියස් මූඩ් එකක් අරන් කිව්වා... ලිසා මාව ඇදලා අරන් අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න කනට කරලා වෙච්ච දේ කිව්වා.
හරි හරි ඉතින් ඔයාලට ඇහුන්නෑ කියලා මං දන්නවා. ඉන්න මං විස්තරේ පැහැදිලි කරන්නම්.

මමයි රෝසයි මෙතෙන්ට එන්න කලින් කොල්ලෙක් ඇවිත් ජිසෝගෙන් ඇහුවලු රෝස් කෝ කියලා... ඉතින් අපේ උන් කිව්වලු රෝස් තාම ඉස්කෝලේ කියලා... ඇයි රෝසව අහන්නේ කියලා අපේ උන් ඒ කොල්ලගෙන් අහලා. මුලින් මුලින් ඒ කොල්ලා කියන්න කැමති වෙලා නෑ... අපේ උන් බල කරලා අහගෙන.

ඒ කොල්ලා කිව්වලු රෝස් මෙහෙ එන්න කලින් ඉඳලා තියෙන්නේ කෑගල්ලෙලු. එහෙදි රෝස් ඒ කොල්ලත් එක්ක අවුරුදු 4ක් විතර යාළුවෙලා ඉඳියලු. ආ... ඒ කොල්ලගේ නම ජින් කියලත් කිව්වලු.

ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ... ඒත් ඕක තමා කතාව.

" ඒ මේ මේක ගැන වැරදිලාවත් ජුන්කුක් එක්ක නම් කියන්න එපා හොඳේ.... ජුන්කුක් එක්ක විතරක් නෙමෙයි. බ්‍රදර්ස් ස්කූල් එකේ කා එක්කවත් කියන්න එපා. මං මේක ගැන බලාගන්නම් "

කතාව අහලා ඉවරවෙලා මං අපේ උන්ට කිව්වා... ඔළුව වනලා සෙට් එකම පිළිගත්තා. ඒ වුණාට මං දන්නවා ජිසෝ අනිවාරෙන් ඕක ගැන සුගා එක්ක කියනවා කියලා. සුගා අනිවාරෙන්ම JKට කියයි. මොනා වෙයිද දන්නේ නෑ ඉතින් එතකොට 😐😐😐

හිතපු විදිහටම සිද්ධ වුණා. සුගා ඕක JKට කියන්න ගිහින් දෙන්න රණ්ඩු වෙලා... සුගාගෙ කටින් ලේ එන්නම ගහලා . දැන් මූණවත් බලන්නේ නෑ.... 😒

අනේ මන්දා මොනා වෙලාද කියලා.... පොඩි කාලේ ඉඳන් අපි තුන්දෙනාට අපි නැතුව බෑ... ඒත් දැන් JKයි සුගයි ළඟින් ගියොත් ඇහැක් නෑ සීන් එකේ ඉන්නේ....

අර කොල්ලාගේ සීන් එකෙන් පස්සේ මං රෝස් එක්ක වැඩිය කතා බහ කරන්න ගියේ නෑ... 😒

දවසක් රෝස් ක්ලාස් එකේ හිටපු නැති වෙලාවක අපේ ලිසා හොල්මන එදා වෙච්ච සීන් එක ගැන පොඩ්ඩක් කතා කර කර හිටියා. අන්තිමට ලිසා මෙහෙම දෙයක් කිව්වා....

" පත්තිනි අම්මා වගේ හිටියට රෝසුත් මරු ඩයල් එක නේ බන්... "

හිනා යන දෙයක් කිව්වම හිනා වෙන එක ඉතින් මනුස්ස වර්ගයාගේ හැටිනේ... මාත් ඉතින් මනුස්සයෙක්නේ... ලිසා කියපු කතාවට හූ තියලා හිනාවුණා...

කරුමේ කියන්නේ ලිසා අර වාක්‍යයේ රෝස්ගේ නම කියද්දිම රෝස් පන්තියට ඇවිත්. ඉතින් රෝස්ට අරකි කියපු අන්තිම ටිකයි මං හූ තියලා හයියෙන් හිනාවුණ එකයි අතේ මාට්ටු... 😑😑

රෝස් ගස්සගෙන ගියපු විදිහෙන්ම මට තේරුණා සම්පත ඇදෙන්න තමා යන්නේ කියලා. හිතුවා වගේම එදා ඉඳන් JK මාත් එක්ක නෝ කතා නෝ සිනා 😒😒

****************************

කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවර වෙලා එළියට ආවට පස්සේ නම් පුදුම නිදහසක් දැනුණේ... පැය හතරක් තිස්සේ සර්කාරයා හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන ගැන ඉගැන්නුවට ක්ලාස් එක ඉවරවෙද්දී මොනම කාබනයක්වත් මගේ ඔළුවේ තිබ්බේ නෑ.

වෙනදා නම් ක්ලාස් එක ඉවර වෙලා පහළට යන්නේ JK එක්ක... ඒත් රෝස් එක්ක යාළු වුනාට පස්සේ මං එයත් එක්ක යන එක නැවැත්තුවා.

අද පහළට යද්දී මට ජිමිනුයි ජේහොප්වයි හම්බුණා. ඒ දෙන්නා එක්ක ඕපයක් කියව කියව ආවා ඉතින් 😊😊😊

" ඒයී ජෙනී කිම්... මෙහෙ එනවා පොඩ්ඩක්... "

හෑ.... කවුද අප්පා මට සම්පූර්ණ නම කියලා කතා කරපු පිස්සා.... සාමාන්‍යයෙන් කවුරුත් මට ජෙනී කිම්... කියලා කතා කරන්නේ නෑ... දන්න හැමෝම කිව්වේ ජෙනී ... කියලා තමා 😊😊

වටපිට බලද්දී තමා දැක්කේ කතා කරලා තියෙන්නේ JK කියලා. තනියෙන් නෙමෙයි රෝසුත් ඉන්නවා. රෝස් හිනාවෙවී JKගේ අතේ එල්ලිලා ඉන්නවා.

රෝස් අපේ ජීවිතවලට එන්න කලින් ඔය විදිහට JKගේ අතේ එල්ලිලා හුරතල් වුණේ මම. ඒ දවස්වල මං හිතාගෙන හිටියේ JK මගේ යාළුවා විතරයි, එයාව වෙන කාටවත් දෙන්නේ නෑ කියලා. ඒ දවස්වල මට මේක තමා ආදරය කියලා දැනුණේ නැත්තේ ඇයි දෙවියනේ... 😫😫 ඒත්... එහෙම දෙයක් JKට කියන්නේ කොහොමද ?? මං එයාට ආදරෙයි කියලා කිව්වොත් එහෙම එයාගෙයි මගෙයි යාළුකමත් නැතිවෙයි.

ඉස්සර පාර පනින්න බයයි කියද්දී JK තමා අතින් අල්ලන් මාව පාර පැන්නුවේ... පාරේ විකුණන කඩචෝරු කකා පාර පුරා දුව දුව සෙල්ලම් කරද්දී මං වාහනේකට අහුවෙලා චොප්ප වෙලා යයි කියලා බයෙන් වෙව්ලද්දී JK තමා මාව පරිස්සමට බස් එකට පවා නැග්ගුවේ.... එහෙම හිටපු යාළුවෝ දෙන්නා තමා රෝස් අද උබ නිසා මෙහෙම වෙන් වෙලා ඉන්නේ... ඒ මදිවට JKට මගේ නමත් අමතකයි දැන් 😔😫😒💔

JK කතා කරපු එක ඇහුන්නෑ වගේ මං අහක බලාගෙන යන්නයි හැදුවේ... ඒත් JK ආපහු කතා කළා. කලින් සැරේට වඩා සැරෙන් 😒

" ඕයී.... එක පාරක් කතා කළාම ඇහෙන්නැද්ද තමුසෙට... ?? "

💮💮9 න් හමුවෙමු 😊😊 💮💮

Sweet  bonding (✅COMPLETE ✅)Where stories live. Discover now