දෙයියනේ........... මෙයා මෙහේ........ 😵😨
කාවද දැක්කේ කියලද අහන්නේ... ??
රෝස්ව.... රොසෑන් පාක්ව. JKගේ ගර්ල්ෆ්රෙන්ඩ්ව. මෙයා මොකද්ද මේ ෆිල්ම් හෝල් එකේ කරන්නේ...??
ඔව් මං දන්නවා මේක නිදහස් රටක්, රෝස්ට එයා කැමති කැමති තැනක කැමති කැමති විදිහට යන්න අයිතියක් තියෙනවා කියලා. ඒත් එයා කොහොමද වෙන කොල්ලෙක් එක්ක මෙහෙම ජෝඩු දාලා ෆිල්ම් හෝල් අස්සේ රිංගන්නේ... ??
ඔව් සාන්ත... එයා හිටියේ කොල්ලෙක් එක්ක. නිකන් නෙමේ ඒ කොල්ලා එක්ක අත්වැල් පටලන්, හිනා වෙවී, හුරතල් වෙවී... දෙයියනේ JK මේවා දැක්කොත් පපුව පැලිලා මැරිලා යයි 😠
ඒ කොල්ලා නම් හෙන හයිය අත්තක් වෙන්න ඕනි. ඒක තමා රෝස් ඒ කොල්ලගේ කරේ එල්ලෙන්න ඇත්තේ. මට එදා ජින් අයියා කියපු දේවල් මතක් වුනා. JK එදා මේවා විශ්වාස කළේ නෑනේ.
" ඔහොම හිටහන්කෝ... මං දැන්ම ජුන්කුක්ට කතා කරලා මෙතනට එන්න කියන්නම් "
ජිමිනා සාක්කුවෙන් ෆෝන් එක අරන් JKට කෝල් එකක් ගත්තා.
" අඩෝ ජුන්කුක්.... මචං පොඩි අවුලක් වෙලා... උබ පුළුවන් ඉක්මනට ෆිල්ම් හෝල් එකට වරෙන්කෝ... ඔව් බන්... පුළුවන් ඉක්මනට වරෙන්.... පරක්කු වෙන්න එපා..... පැයක් යනවද.... හරි කමක් නෑ... ඒ වෙලාවට හරි වරෙන්.... හරි බන්..... එළ.... "
" මං යනවා..... "
කියාගෙන මං ඉක්මනටම එතනින් ආවේ ට්වින් ඩබල කෑගහද්දී. ඒත් JK එන වෙලාවට මට ඔතන ඉන්න එක නම් කොහෙත්ම කරන්න බෑ. හදිසියේ හරි මේවා දැකලත් එයා විශ්වාස කළේ නැත්තන්... ඒ සිටුවේශන් එකට මුහුණ දෙන්න තරම් මගේ හිතේ ශක්තියක් නෑ.
මං පාරට ඇවිල්ලා බස් එකකට නැග්ගා. ඒත් කොහෙට යන්නද කියලා මට හිතාගන්න බැරිවුණා. ගෙදර ගියොත් අම්මා ප්රශ්න පත්තරයක්ම දිග අරී. ඒත් කොහේ යන්නද...??
අන්තිමට මං තීරණය කළා ග්රවුන්ඩ් එකට යනවා කියලා.
සතියේ දවසක් නිසා එච්චර සෙනඟක් හිටියේ නෑ. අපි හැමදාම වාඩිවුන බෙන්ච් එක ඒ විදිහටම තියෙනවා. මං හෙමීට ඒ පැත්තට අඩිය තිබ්බා.
YOU ARE READING
Sweet bonding (✅COMPLETE ✅)
Short Story" මිතුදම..... ඔව් හරි අපූරු බැඳීමක්..... ජීවිතයේ දැනෙන තනිකම, පාළුව මකාගන්න තියෙන හොඳම බැඳීම තමා මිතුදම කියන්නේ..... මිතුදමට ගැහැණු පිරිමි භේදය ප්රශ්නයක්ද ? සමාජය මොන විදිහට දැක්කත් කොයි විදිහට අර්ථකථන දුන්නත් කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර තියෙන මිතුදම...