ටේබල් එක උඩ තියලා තිබ්බ ජින් අයියාගේ ෆෝන් එක අරන් මං එයාගේ මූණට අල්ලලා අන්ලොක් කළා. පස්සේ JKගේ නම්බර් එක සේව් කළා. අපරාදේ කියන්න බෑ... මං එයාගේ ෆෝන් එක අරන් පිස්සු නටන දිහා හිනාවෙවී බලාගෙන ජින් අයියා එහෙමම ඉඳියනේ 😇
" ම්ම්.... මෙන්න. කතා කරන්න "
ෆෝන් එක එයාට දෙන ගමන් මං කිව්වා.
" මේ දැන්.... ?? " 😯🙁
" ඔව් දැන් තමා. ඔයාලා කතා කරන එක මටත් අහන්න ඕනි... ම්ම් .... කතා කරන්න. "
" අයියෝ නංගා.... කොහොමද මෙතන කතා කරන්නේ කට්ටියත් ඉන්නවනේ. "
ඔව්නේ සාන්ත.... මෙතන නිකන් පිටකොටුව වගේ ජනාකීර්ණයිනේ. කොහොමෙයි මෙතන කතා කරන්නේ...?? JKගේ හැටි හොඳටම දැනගෙනත් මගේ මෝඩ මොළේට ඒක කල්පනා වුණේ නෑනේ... 😐
" නංගියෝ... මං කියන්නද වැඩක්... ??? "
" හ්ම්ම්... "
" මං කාර් එකේ ආවේ... ඉතින් ඔයා කැමති නම් අපි මගේ කා එකට ගිහින් කෝල් එක ගමු. මං කිව්වේ ඔයා කැමති නම් විතරයි. "
ජින් අයියා බයෙන් වගේ කිව්වා. මූණ දැක්කම නම් හිනායන්නත් ආවා. මේ මූණ බලාගෙන කොහොමෙයි සාන්ත හිතන්නේ මෙයා මට කරදරයක් කරයි කියලා.
මාත් ඉතින් හා කියලා එයාගේ පස්සෙන් එයාගේ කර් එකට ගියා. හම්මියෝ... නිල් පාට lamborghini එකක්. My favorite දෙයියනේ.... පෙනුම වගේම තමා කාර් එක ඇතුළත් පට්ට ගති දෙයියනේ... 😎😎
ජින් අයියා ඉක්මනටම JKට කෝල් එකක් ගත්තා. හතරපස් පාරක් රිංග්ස් යද්දී JK ආන්සර් කළා. මං අත් දෙකෙන්ම කට තද කරගෙන හිටියේ JKට පොඩි හරි සැකයක් ඇති වුනොත් සේරම ප්ලෑන් වතුරෙ හින්දා. හැබැයි ස්පීකර් දාලා තිබ්බ හින්දා මට JK කියන ඒවාත් ඇහුණා.
" හලෝ..... මේ මිස්ටර් ජුන්කුකද කතා කරන්නේ... ?? "
" යර්ස්.. ජුන්කුක් තමා... ඔයා කවුද...?? "
" මං ජින්. සමහර විට මං ගැන රෝස් ඔයා එක්ක කියලා ඇති. "
" ආ.... මේ ඔයාද.... ?? ඔව් ඔව් මට රෝස් ඔයා ගැන කියලා තියෙනවා. ඔයානේ අවුරුදු 4ක් තිස්සේ මගේ රෝස්ගේ පස්සෙන් ඇවිත් දැන් එයාගේ නම ගාවලා බොරු ප්රචාර යවන්නේ එයත් එක්ක යාළුවෙලා හිටියා කියලා. "
JK කියද්දී මං ජින් අයියා දිහා බැලුවේ ඇස් වල කඳුළු පුරෝගෙන.ජින් මට කියපු කතාව ඒ විදිහටම JK එක්කත් කිව්වා. ඒත් JK ජින් කියපු කිසිම දෙයක් විශ්වාස කළේ නෑ. අන්තිමට මං ජින් අයියාට බායි කියලා ආවේ හිතේ තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් නැති කරගෙන 😔😔😔
වෙනදට අට හමාර වෙද්දි නිදාගන්න මට එදා ගොඩාක් රෑ වෙනකන් නින්ද අහලකටවත් ආවේ නෑ. රෑ දහයට විතර මට කෝල් එකක් ආවා. මං ෆෝන් එක කනේ තියාගත්තේ කතා කරන්නේ කවුද කියලවත් නොබලා.
" හෙලෝ... "
දෙයියනේ JK නේද...?? ෆෝන් එක ආන්සර් කරපු එකට සිය දහස් වාරයක් මං මටම සාප කරගත්තා.
" ම්ම්.... කියන්න ජුන්කුක් "
" ඇයි දැන් JK කියන නම අමතක වෙලාද ? "
මූ බීලාද මන්දා.... 😳
" ඔයාටත් දැන් ජෙනී කියන නම අමතක වෙලානේ "
" හරි හරි තමුසේ ජෙනී. දන්නවද ඇයි මං කතා කලේ කියලා... ?? "
" දන්නේ නෑ. සමහර විට රෑ නවයෙන් පස්සේ ෆෝන් බිල අඩු නිසාත් කාටහරි කතා කරන්න ඕන නිසාත් වෙන්නැති. "
JKට හිනාවක් ගියා. කොහොමත් එයා දන්නවා මාත් එක්ක කතා කරලා බේරෙන්න බැරි වග.
" ඒ මඟුලක් නෙමේ... මට තමුසෙගෙන් දෙයක් අහන්න තියෙනවා. තමුසේ නිදාගෙනද හිටියේ.... "
" මේ රෑ ඔයා මට කෝල් කලේ මං නිදාගෙනද ඉන්නේ කියලා අහන්න නම් වෙන්න බෑ. ප්ලීස් ජුන්කුක් අහන්න තියෙන දෙයක් කෙලින් අහන්න. "
" නෑ ඉතින් තමුසේ වෙනදා අට අටහමාර වෙද්දී නිදාගන්නවනේ, ඒකයි ඇහුවේ. ඒක නෙමේ..... තමුසේ අද කොල්ලෙක් එක්ක කොෆි ඩේ එකේ මොනාද කළේ... ?? "
ආ.... ඒ කියන්නේ මං ජින් අයියා එක්ක ඉන්නවා JK දැකලා. හොඳ වෙලාවට මෙයා දන්නේ නෑ ඒ කවුද කියලා.
" ආ... ඒක මගේ පෞද්ගලික දෙයක්. මං හිතන්නේ නෑ මං ඒක ඔයාට කියන්න ඕනෙයි කියලා. "
එහෙම කියලා මං ෆෝන් එක තිබ්බේ JK තාම මං ගැන හොයලා බලනවා කියන හැඟීමෙන් මිදෙන්න ඕන හින්දා.
💮13 න් හමුවෙමු 😊😊💮
YOU ARE READING
Sweet bonding (✅COMPLETE ✅)
Short Story" මිතුදම..... ඔව් හරි අපූරු බැඳීමක්..... ජීවිතයේ දැනෙන තනිකම, පාළුව මකාගන්න තියෙන හොඳම බැඳීම තමා මිතුදම කියන්නේ..... මිතුදමට ගැහැණු පිරිමි භේදය ප්රශ්නයක්ද ? සමාජය මොන විදිහට දැක්කත් කොයි විදිහට අර්ථකථන දුන්නත් කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර තියෙන මිතුදම...