💮දහහතර වන කොටස💮

405 79 33
                                    

" ඇයි RM.... ඔයා JK අතේ මට ප්‍රපෝසල් එකක් එවලා තිබ්බේ... "

" දෙයියනේ මේ මම... ?? ඔයාට පිස්සුද ජෙනී ... ?? "

RM  කෑගහපු සද්දෙට මල්ලිත් හැරිලා බැලුවා. අපේ චීත්තෙටත් ඕන්නැති දෙයක් නෑනේ...

" එතකොට RM... ඔයා ඒ වගේ දෙයක් JK එක්ක කිව්වේ නැද්ද... ?? "

" දෙයියනේ ජෙනී ඔයා හිතුවද මං කොන්ද පණනැති %$#ක් කියලා... එක එකා අතේ ඔයාට ප්‍රපෝසල් එවන්න මට උවමනාවක් නෑ. ඔයා මෙතන ඉන්නවා දැකලා මං ආවේ ඔයාට මගේ හිතේ තියෙන දේ කෙලින්ම කියන්න. ඔව් ජෙනී  මං ඔයාට ආදරෙයි තමා. ඒත් මං ඒක එක එකා අතේ ඔයාට කියලා එව්වේ නෑ. "

RM හුස්මක්වත් නොගෙන කියාගෙන කියාගෙන ගියා. එයා " ජෙනී  මං ඔයාට ආදරෙයි " කියලා කිව්වා තමා. ඒත් ඒක මට දැනුනේ නෑ. 

මීට මාස දෙක තුනකට උඩදී එයා මට ඕක කිව්වා නම් මං කැමති වෙන්න තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මීට මාස දෙක තුනකට උඩදී එයා මට ඕක කිව්වා නම් මං කැමති වෙන්න තිබුණා. මොකද මගේ හිතෙත් එයා ගැන කැමැත්තක් නොතිබුණා නෙවෙයිනේ. ඒත් මේ ඊයේ පෙරේදා ආපු RM ගැන හීන මැව්වට පුංචි කාලේ ඉඳන් මගේ ළඟින් හිටපු මගේ JKට මං ආදරේ කරලා කියලා මටත් තේරුණේ JK මට රෝස්  ගැන කියපු දවසේ. ඒත් මං එදා හිත හදා ගත්තා මං පරක්කු වැඩියි කියලා. මොකද්දෝ කරුමෙකට ජින් අයියා ඇවිල්ලා මගේ හිතේ ආපහු JK ගැන බලාපොරොත්තුවක් ඇති කලා. දැන් මගේ එකම බලාපොරොත්තුව මගේ JKව කොහොමහරි රෝස්ගෙන් බේරගන්න එක. එයා මට ආදරේ කළත් එකයි නැතත් එකයි. ඒත් මං එයාව රෝස්ගෙන් නම් කොහොමහරි බේරගන්නවාමයි.

" සොරි RM.... මට සමාවෙන්න. මං වෙන කෙනෙක්ට ආදරෙයි. "

RMට එහෙම කියලා මං මල්ලිවත් ඇදගෙන ගෙදර ආවා. මල්ලි ඉතින් එනගමන් මට හැම සතාගෙම නම් කිය කිය බැන බැන තමා ආවේ. අතරින් පතර කොල්ලා ඇහුවා මොකක්ද තමුසෙට එක පාරට වුණේ කියලා. ඒත් ඉතින් කටක් ඇරලා කොහොමද මල්ලිට මේවා කියන්නේ... ?? හැබැයි මං ටක්කෙටම දන්නවා අපේ මල්ලි කෑල්ලක් කනවා කියලා කිව්වත් මේවා අම්මා එක්ක නම් කියන්නේ නෑ කියලා. ඒක නිකන් කිරි ගහට පොල්ලෙන් ගැහුවා වගේ බුදු ෂුවර්. එකාතකට මේ වගේ සත්තලං පණු පැටියෙක් ලබන්න මේ පිටසක්වලී අම්මට සිරි වෙන්න පිං කරලා තියෙනවා. ඒක අනිවාරෙන් මතක් කරන්න ඕනි.

ගෙදර ගියාට පස්සේ මල්ලිගේ ප්‍රශ්න වලින් බේරෙන්න ඕන නිසා මං ගෙදර අයට පාඩම් කරනවා කියලා කාමරේට වෙලා දොරත් ලොක් කරන් හිටියා. ඒත් මං පාඩම් කළේ නෑ. ඇයි කියලා කියන්න නම් දන්නේ නෑ... ඒත් ඒ වෙලාවේ මට අතීතයේ වෙච්චි හැමදෙයක්ම මතක් වුණා. JKව මට මුලින්ම හම්බවුණ දවසේ ඉඳන් අද වෙනකන් වෙච්චි හැමදෙයක්ම එකක් නෑර මට මතක් වුණා.

ඒ හැමදෙයක්ම අතර එකම එක දවසක් මට විශේෂයෙන් මතක තිබ්බා. කියන්නද ඒක ගැන... ??

එතකොට අපි හිටියේ පහ වසරේ. සූති බබාලා තමා ඉතිම්. කොහොමහරි එදා අපි ගිය ශිෂ්‍යත්ව පන්තියේ එක්සෑම් එකක් තිබ්බා. ගෑණු ළමයින්ටයි පිරිමි ළමයින්ටයි වෙන වෙනම පෝළිම් දෙකක් හැදෙන්න කිව්වා. මම හිටියේ ගෑණු ළමයින්ගේ පෝළිමේ මුලින්ම. එතකොට JK පිරිමි ළමයින්ගේ පෝළිමේ මුලින්ම හිටියා. ඉතින් අපි දෙන්නා එක්සෑම් එකට වාඩි කෙරෙව්වේ එකම ඩෙස්ක් එකේ. මං ඒ කාලේ හෙන බ්‍රයිටා (දැන් කියලත් වෙනසක් නෑ ඉතින්. ඒක වෙනම කතාවක්) මං දැන් පණ දාගෙන පේපර් එක ලියනවා.

ඒ අස්සේ JK මගේ පැත්තට හතරට පහට නවපු කොළයක් දික්කළා. මං බලන් හිටියේ නිකන් ලෝකේ අටවෙනි පුදුමේ දැක්කා වගේ. මොකද සාමාන්‍යයෙන් JK එහෙම කොපි කරන ළමයෙක් නෙමෙයි.

වෙන ඕන දෙයක් වෙච්චාවේ අහස කඩාගෙන වැටුණාවේ කියලා මං ඉතින් අර කොළේ අරන් දිගෑරලා බැලුවා.

දැක්ක දෙයින් මට කලන්තෙට වගේත් ආවා. ඒත් උඩ ෆෑන් එක තිබ්බ නිසා යාන්තන් බේරුණා.

අර කොළෙන් ලස්සනට ඔතලා තිබ්බේ මැරිච්ච මකුළුවෙක් 🕷 බොරු කියන්නේ මොකටද සාන්ත... මං ඔය මොකාටත් වඩා මකුළුවන්ට නම් පරාණ බයයි. දැක්කම ලතෝනි දීගෙන දුවන්නේ.... 🥵🥵 ඇයි හත්තිලව්වේ සමහර මකුළුවෝ ඉන්නවා.... උන්ගේ අඬු දෙකක් අතර පරතරයම ඇති අඩි එකහමාරක් විතර. අහුවුනොත් නම් සදා සොත්ති !!

එදත් ඉතින් මං ක්ලාස් එකේ ඉන්නේ කියලා අමතක කරලා මල ලතෝනි දීලා සර්රුයි කාඩ් මාක් කරන ඇන්ටියි සේරම ඇවිත් හෙන ජංජාලයයි ඉතින්.

අන්තිමට බරපතළ ප්‍රශ්න කිරීම් කිහිපයකට පස්සේ සීන් එක මොකක්ද කියලා තේරුම් ගත්ත සර්ටයි ඇන්ටිටයි ක්ලාස් එකේ අනිත් ළමයින්ටයි සේරටම හොඳටම හිනා. මං එදා දවසේ බයිට් එක වුණා.

එහෙම හිටපු JKයි මායි තමා අද මෙහෙම ඉන්නේ.....😔😔😔😔😔😔

අනේ එයා මට ආදරේ නොකළත් කමක් නෑ.... ඒත් මට එයාගේ යාළුකම ආපහු ඕනේ දෙවියනේ..... ප්ලීස් මට ඒක ආපහු දෙන්න.... ප්ලීස් දෙවියනේ.... පෙන්නන්ඩ ඔයාගේ මැජික් එක 🙏😣😔

15 න් හමුවෙමු 😊😊

Sweet  bonding (✅COMPLETE ✅)Where stories live. Discover now