💮තෙවැනි කොටස💮

438 87 40
                                    

" මේ ඉන්නේ රෝස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මේ ඉන්නේ රෝස්... අපේ පන්තියට වගේම මේ ඉස්කෝලෙටත් අලුත්. මං හිතනවා ඔයාලා රෝස්ට උදව් කරයි කියලා මේ අලුත් පරිසරයට හුරු වෙන්න...

හිටී මිස් (අපේ පන්ති භාර මිස්) එයාව අඳුන්වලා දුන්නේ එක වසරට අලුතින් ආපු ළමයෙක්ව අඳුන්වලා දුන්නා වගේ. 

ඒ මදිවට මිස් හෙන ගැහුවා වගේ ඒකිට කිව්වේ නැතෑ ගිහින් ජෙනී කිම් ළඟින් වාඩි වෙන්න කියලා. 

හරි... දැන් නම් සනිපයි... කෝ යකෝ මේ මියැසියා... මේකිට අදම ලීව් එකක් දාන්න ඕනි වුණානේ.

මං අලුත් බබාට හිනාවක් දැම්මේ මියැසිගේ (මගේ එහා පැත්තේ ඉන්න එකී) මුළු හත්මුතු පරම්පරාවම සිහි කරන ගමන්.

රෝස්... හ්ම්... එයාව මෙහෙම මවා ගන්නකෝ.... මලක් වගේ සුදු ලස්සන කෙල්ලෙක්. සෝස පාට මූණක්. සෝස් පාට නෙමෙයි බන්. රෝස පාට 😒 හීනී දිග ඇස් දෙකක්. හිනාවෙද්දී වල ගැහෙන කම්මුල් දෙකක්. ඇත්තමයි ඒකි හරිම සීදේවි පාටයි. අපේ උන් ඉරිසියාවට පැලෙයිද මන්දා... 😜😜😜😜

එදා දවසෙම මං රෝස් එක්ක තමා හිටියේ... මුලින්ම දැක්කම නහරයක් දෙකක් වැඩි ඇති කියලයි හිතුණේ. ආශ්‍රය කරද්දී තමා තේරුණේ අපි වගේම, සමහර වෙලාවට අපිටත් වඩා පිස්සු ඩෝප් ඩයල් එකක් කියලා. 

‍එයාගේ සම්පූර්ණ නම .රොසෑන් පාර්ක් නම ඇහුවාම නම් හිතුණේ අම්මා බ්ලින්ක් ( blink) කෙනෙක්ද  දන්නෑ කියලා.

ඉස්කෝලේ ඇරුණමත් මං එයා එක්කමයි එළියට ගියේ. එයා යනවා කිව්වෙත් වෑන් එකක. ඉතින් එයාත් වෑන් එක එනකන් අපිත් එක්කම හිටියා. ඔය අතරේ තමා බ්‍රදර්ස් ස්කූල් එකේ සෙට් එක වෙනදටත් නැති උනන්දුවකින් අපි දිහා බලන්න ගත්තේ... 😉

Sweet  bonding (✅COMPLETE ✅)Where stories live. Discover now