ගෙදර ආපු ගමන් මං කාමරේට රිංගන් දොර වහගෙන එක විනාඩියක්වත් පරක්කු නොකර රෝස්ට කෝල් එකක් ගත්තා. පරක්කු වෙන්න වෙන්න සිද්ධ වෙන්නේ මගේ දුක තවත් වැඩි වෙන එක විතරයි.තුන් පාරක් විතර රිංග්ස් ගියාට පස්සේ රෝස් ආන්සර් කළා.
" හෙලෝ.... කියන්න ජෙනී .... "
" රෝස් ඔයා මොකක්හරි වැඩක්ද... ?? "
" නෑ කෙල්ලේ... මං ගෙදර ඉන්නේ.... ඇයි ?? "
" නෑ ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඔතන ළඟ පාත කවුරුහරි ඉන්නවද... ?? "
" නෑ බන්... අම්මයි අප්පච්චියි මාර්කට් එකට ගියා... කියපන්... මොකෝ අවුලෙන් වගේ... ?? "
හෑ... මගේ හිතේ තියෙන අවුල වොයිස් එකෙන් නිරූපණය වෙනවාද දන්නේ නෑ... පුළුවන් තරම් නෝමල් කතා කරන්න ඕනි...
" නෑ බන් අවුලක් නෙමෙයි... මේ අහපන්කෝ.... "
එහෙම පටන් අරන් මං රෝස්ට මුළු ස්ටෝරි එකම කියලා දැම්මා.
රෝස් තත්පරයක් දෙකක් නිහඬව හිටියා... මට තේරුණා මේකි කල්පනා කරනවා කියලා. යකුනේ... කල්පනා කරන දෙයක් කෝල් එක කට් කරලා කල්පනා කරපිය.... මගේ බිල යනවා. සෙද්ද 😡
" හරි රෝස් එහෙනම් ඔයා කල්පනා කරලා බලලා උත්තරේ කෙලින්ම JKට කියන්න... මං තියන්නම් බායි "
" අනේ... ජෙනී .... "
ඒකිට කතා කරන්න ඉඩ නොතියම මං කෝල් එක කට් කළා.... තත්පරයක් දෙකක් යද්දී රෝස් ආපහු කෝල් කළා. කට් කරන්න බැරි හින්දා ඔහේ රිංග්ස් යන්න දීලා බලන් හිටියා.
ඒ අස්සේ JKත් කෝල් කරනවා. මට කතා කරන්න උවමනාවක් තිබ්බේ නෑ.... ඇත්තටම කිව්වොත් කතා කරලා හිත රිද්දගන්න උවමනාවක් තිබ්බේ නෑ.....
පැය භාගයක් විතර කිසිම හැලහොල්මනක් නැතුව ගෙවිලා ගියා.
පොඩි නින්දක් දාන්න හැදුවා විතරයි සුගාගෙන් කෝල් එකක් ආවා.....සුගා මොකටද මට ගන්නේ..?...
?
💮💮7 න් හමුවෙමු 😊😊 💮💮
YOU ARE READING
Sweet bonding (✅COMPLETE ✅)
Krótkie Opowiadania" මිතුදම..... ඔව් හරි අපූරු බැඳීමක්..... ජීවිතයේ දැනෙන තනිකම, පාළුව මකාගන්න තියෙන හොඳම බැඳීම තමා මිතුදම කියන්නේ..... මිතුදමට ගැහැණු පිරිමි භේදය ප්රශ්නයක්ද ? සමාජය මොන විදිහට දැක්කත් කොයි විදිහට අර්ථකථන දුන්නත් කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර තියෙන මිතුදම...