මුළු රෑම කල්පනා කර කර ඉඳලා අන්තිමට මට නින්ද ගියේ පාන්දර දෙකට විතර. අවුලක් නෑ. අද ඉරිදානේ. ටිකක් වැඩිපුර නිදාගත්තා කියලා කවුරුත් මොකුත් කියන්නෑ, පණු පැටියා ඇරෙන්න.මං ඉතින් අමාරුවෙන් එක ඇහැක් ඇරගෙන ෆෝන් එක අරන් බැලුවා වෙලාව කීයද කියලා. හාපෝ..... තාම හතයි. තව පැයක් හමාරක් කිසිම ආපදාවක් නැතුව මට නිදාගත්තෑකි.
ටික වෙලාවක් ඔහොම සැප නින්දේ ඉන්නකොට මට දැන් ඇහෙනවා පණු පැටියා කතා කරනවා වගේ.
" මේ.... ඕයී... නැගිටිනවකෝ.... පිටසක්වලී.... ඇහැරෙනවකෝ.... "
හීනයක් වෙන්නැති කියලා මාත් ඉතින් වැඩිය ගණන් ගන්නැතුව හිටියා. ටිකකින් මට දැනෙනවා මං ඔළුවේ ඉඳන් පෙරවන් ඉන්න රෙද්ද අදිනවා වගේ. හීනෙන් නම් එහෙම දැනෙන්න විදියක් නෑනේ... මං ඉතින් ලාවට වගේ ඇහැක් ඇරලා බැලුවා මොකෝ කියලා. අර භූතයා මොකාද එකා වගේ ඇඳ උඩ වාඩි වෙලා ඉන්නවා.
මේ කොහෙවත් ඉන්න පැපරාසියෙක් ඇවිල්ලා ඇහැරෙව්වා කියලා එහෙම නිදාගන්න ලැබෙන වෙලාව නාස්ති කරන්න පුළුවන්යෑ. මං ඉතින් මගේ ආදරණීය සහෝදරයාව ගණන් ගන්නැතුව තව ටිකක් ගුලි වෙලා ඇස් පියාගත්තා.
" මේ ඕයී අන්න ජුන්කුක් අයියා ඇවිල්ලා... "
මොකාආආආආආආආආ නෑ වෙන්න බෑඈඈඈඈඈඈ.
මං නැගිට්ටේ මල්ලිවත් පෙරළගෙන. දෙයියනේ.... JK එන්න ඇත්තේ ඊයේ රෑ අහපු දේවල් ගැන ආයෙත් අහන්න තමා. අයියෝ...... මං ගෙදරින් බත් කාලා ඉවරයිද දන්නෑ 😥😶😣😫😪
මල්ලිව හොයද්දි තමා දැක්කේ මල්ලි ඇඳ පල්ලේ බිම පතබෑවෙලා කියලා. හිනාවෙවී මගේ මූණ දිහා බලන් ඉන්නවා. කවුද JKද කියලද අහන්නේ...?? නෑ නෑ පණු පැටියා.
එතකොට තමා මට මීටර් වුනේ මේක මේ මාව ඇහැරවන්න ඕන නිසා මල්ලි යොදවපු කූට උපක්රමයක් කියලා. ඒකනේ හරි වීරකමක් කරලා වගේ හිකි හිකි ගාන්නේ... 😒😑
මං රවාගෙන ඇඳෙන් බහිද්දී මල්ලිත් කොන්ද අල්ලන් නැගිට්ටා. හොඳ වැඩේ... ඔහොම වෙලා මදි කරන නසරාණි වැඩ වලට.
" තමුසේ මොකෝ ජුන්කුක් අයියාගේ නම කියපු ගමන් ඔච්චර ශොක් වුණේ..?? "
YOU ARE READING
Sweet bonding (✅COMPLETE ✅)
Kurzgeschichten" මිතුදම..... ඔව් හරි අපූරු බැඳීමක්..... ජීවිතයේ දැනෙන තනිකම, පාළුව මකාගන්න තියෙන හොඳම බැඳීම තමා මිතුදම කියන්නේ..... මිතුදමට ගැහැණු පිරිමි භේදය ප්රශ්නයක්ද ? සමාජය මොන විදිහට දැක්කත් කොයි විදිහට අර්ථකථන දුන්නත් කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර තියෙන මිතුදම...