ඒ පාර නම් මට අහක බලාගෙන යන්න බැරි වුණා. මං බයෙන් බයෙන් වගේ හෙමීට ඒ පැත්තට යද්දී රෝස් මට පේන්නද දන්නෑ JKට තවත් තුරුළු වුණා... 😒😔💔
" ජෙනී කිම් චුට්ටක් කතා කරන්න පුළුවන්ද ?? "
JK අහද්දී මං පාර දිහා බැලුවේ මට පනින්න කන්ටේනර් එකක්වත් එනවද කියලා... ශිට් !!! කරුමෙට පාරේ සයිකල් එකක්වත් ගියේ නෑ." හපෝ පුළුවන්... ඔයාට නම් ඉතින් හරි ගියාම එකට හිටපු යාළුවෝ අමතක වෙනවනේ. මට නම් අමතක නෑ... කියන්න JK... මොකද්ද කාරණේ... ?? "
මගේ ඇස් වලට කඳුළු පිරෙනවා කියලා තේරුණ නිසා මං ඉක්මනින් අහක බලාගත්තා.
" කතා කරන්න හිතෙන්නෑනේ ඉතින් කරන වැඩ දැක්කම... "
JK මට පේන්නද දන්නෑ රෝසගේ කරට අතකුත් දාගත්තා... චී 😒 ලැජ්ජ නැද්ද මන්දා ක්ලාස් එක ඉස්සරහ මඟුල් කරන්නේ... 😒😒
" මොනාද මං කළේ... ?? "
" කරපුවා ඉතින් මට වඩා හොඳට ඔයා දන්නවා ඇතිනේ.... "
"කෝ තමුසෙගෙ මහ ලොකු යලුවා ලිසා" Jk තරහෙන් ඇහැව්වා.
"මොකටද අහන්නෙ" මං බිම බලගෙන කිව්වා.
ඒක වැඩක නෑනෙ. කෝ ඔය මගුලි😠😠
"ඇයි ඇයි මං මේ ඉන්නේ " ලිසා අපි ළගට එන ගමන් කිව්වා."ආආආආආආ තමුසෙව මං අල්ල ගන්න තමා හිටියේ " Jk කිව්වා.😠
එකපාරටම Jk ලිසාට ගහන්න අත උස්සන්
එනකොටම මං ඉස්සරහට පැන්නා.චටාස්.................. 💥
රෝසව තල්ලු කරගෙන ඉස්සරහට පැනපු JKගෙ කම්මුල් පාර මට වැදුණා.
ඒ පාර කොච්චර සැරට වැදුණද කියනවා නම් සද්දෙට වටේ හිටපු ඔක්කොම හැරිලා බැලුවා. සුගා දුවගෙන ඇවිල්ලා JKව පැත්තකට තල්ලු කරලා Jkටත් කනේ පාරක් ගහලා පිටිපස්සට තල්ලු කරලා දැම්මේ එයා ආපහු මට ගහයි කියලා හිතලා වෙන්නැති. ලිසායි අයිරනුයි ජිසෝයි ඇවිත් මාව වට කරගත්තා. මට ඉතින් කරන්න පුළුවන් වුණේ අඬන එක විතරයි. පුපුරු ගහන කම්මුළ එක අතකින් තද කරන් ලිසාගේ උරහිසට ඔළුව තියන් ඇඬුවා.
" අපි යමු JK.... මට මෙතන තවත් ඉන්න බෑ... අපි යමු ප්ලීස්.... "
බොරුවට අඬන ගමන් රෝස් JKවත් ඇදගෙන ගියා... ඒකි තව ටික වෙලාවක් මෙතන ඉඳියා නම් අනිවාරෙන් අපේ උන්ගෙන් මැරුම් කනවා 😏
YOU ARE READING
Sweet bonding (✅COMPLETE ✅)
Short Story" මිතුදම..... ඔව් හරි අපූරු බැඳීමක්..... ජීවිතයේ දැනෙන තනිකම, පාළුව මකාගන්න තියෙන හොඳම බැඳීම තමා මිතුදම කියන්නේ..... මිතුදමට ගැහැණු පිරිමි භේදය ප්රශ්නයක්ද ? සමාජය මොන විදිහට දැක්කත් කොයි විදිහට අර්ථකථන දුන්නත් කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර තියෙන මිතුදම...