4)Whisper

142 29 77
                                    

ඊලඟ දවසේ උදේ ඇහැරුනු ලියෝ අත්තම්මගේ අවසන් කටයුතු කරන්න උදේම යන්න හිතාගෙන හිටියත් කඩාහැලෙන්න ගත්ත ලොකු වැස්ස නිසා වගේම බට්ලර්ගෙ බලකිරීම මත වැස්ස අඩුවුනාම යන්න ලියෝ පොරොන්දු වුනා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒත් වැස්ස ටිකක් තුරල් වෙද්දි ලියෝ නොදැනීම හවස්වෙලා තිබුනා.

තවම අහසත් කලු කරන් වහින්න ලන් වෙලා වගෙ නිසාත් ,රෑ වෙන්න කලින් යන්න ඕන නිසත් ලියෝ එයා ඇඳන් ආපු ඇඳුනුත් ඇදගෙන යන්න ලැස්තිවුනා.බට්ලර්ට සමුදෙන්න එයාව හෙව්වත් මේ වෙලාවෙ එයා එලියට ගිහින් කියලා දැක්ක ලියෝ ලෑස්තිවෙලා එලියට ආවා.

එලියට ආව ලියෝ දැක්කේ එලියේ හිටන් හිටපු මනුස්සයව.

ඒ මනුස්සයා ලියෝව දැකලා හිනාවුනත් ලියෝට ඒ හිනාව කිසිම හොඳ හැගිමක් ගෙනාවේ නැහැ.

"සුභ සැන්දෑවක් මිස්ටර්.........."

"ලියෝ..."

ලියෝ එහෙම කිව්වේ ඒ මනුස්සයගේ මූණ දැක්කම එයා අහන්නෙ නම කියලා තේරුන නිසා.

"මිස්ටර් ලියෝ....මන් කැමති නැහැ කතා දුර දිග යවන්න ඒ නිසා මන් කෙලින්ම කාරණේ කියන්නම්....

ඔයට තියෙනවා ඩොලර් ලක්ෂ දෙකක ණය ගෙවන්න...
ඉතින් මන් කැමති ඒක කොළ වලින්ම හම්බවෙනවනම්"

"මන් මොකටද ණය ගත්තේ... මෙතන මොකක් හරි වැරදිමක් වෙලා...

කරුණාකරලා මෙතනින් අයින් වෙන්න."

"ඔය ඉතින්.....
ලියෝ මහත්තයා කතා දුරදිග යවන්න හදනවනේ....
ඔහෙට ගත්ත හේතුව දැන ගන්න ඕනෙම නම් උබේ තාත්තට කතාකරලා ඒක දැනගනින්.
දැන් මගේ සල්ලි දියන්..."

ඒ මනුස්සයාගෙ කටහඩ අන්තිම වෙනකොට හරිම තර්ජනාත්මක වුනා.

ලියෝ ඒ මනුස්සයට බයනොවුනා නෙවේ ඒත් තාත්තා කියන වචනේ ඇහුන ලියෝට උපහාසාත්මක හිනාවක් මුණට ආවේ ඉබේම වගේ.

"මන් දන්න කලෙක ඉදන් මට එහෙම කෙනෙක් හිටියේ නෑ....
ඒනිසා මන් දන්නැති මිනිස්සුන්ගේ වැඩවලට මාව ගාව නොගෙන ඉන්නවනම් මම කැමති"

ලියෝගේ කටහඩේ කේන්තියකට වඩා ලොකු උපහාසයක් තිබුනා.

ඒක කියනවත් එක්කම ලියෝට තේරුනා පිටිපස්සෙ ඉදන් එයාගේ බෙල්ලට කවුරු හරි පිහියක් තියෙනවා.

The Hidden World : FiokloniAWhere stories live. Discover now