ලියෝට උත්තර දෙන්න අමතක වුනේ පහල තිබුනු දේ දැකලා.
ලියෝ කටඇරන් ඒ දිහා බලන් ඉන්නවත් එක්කම එයාට තේරුනා ඒ ගොල්ලෝ පහලට යනවා කියලා."වාහ්.............!!
මොකක්ද ඒ???!!"ලියෝ ඇහුව්වේ කුතුහලෙකින්.
"මොකක්ද නෙවේ
කොහෙද ??"කැප්ටන් කිව්වේ නොරිස්සීමකින්."ඔය පෙන්නේ වායු රාජධානිය "රාජධානියම ගිලින්න වගේ කටත් ඇරන් පහල බලන් ඉන්න ලියෝ දැකලා කැප්ටන් කිව්වා.
"ආ......"
ඊළඟට කුරුල්ලො හෙමින් පහලට පියෑඹුවා.
ඒක හරියට කුරුල්ලන්ව නවත්තන්නම හදපු ලොකු අංගනයක් වගේ."මන් ලියෝ "
ලියෝ කුරුල්ලගෙන් බිමට බැස්සට පස්සේ හිනාවෙලා කැප්ටන්ට අත දික් කරා.ඒත් ලියෝ දික් කරපු අත දිහා මේ මොන විකාරයක්ද වගේ බලලා ලියෝට රැව්ව කැප්ටන් එතනින් ගියා.
"පුහ්.... මෙයට නම කියන්න තියෙන අමාරුව "ලියෝ කෙන්තියෙන් මිමිනුවා.
"ඒ... ඔය යනවද දැන්?!ඔහොම ඉන්න!!"
ලියෝ ආයේ එයා පස්සෙ දිව්වේ මෙහෙට ඇවිත් වචනයක් හරි කතාකරපු මනුස්සයෙක්ට හිටියේ එයා විතරක් නිසා.කැප්ටන්ගේ පස්සේන් ගියපු ලියෝ අන්තිමට නතර වුනේ ලොකු දොරක් ඉස්සරහා.
"බ්ලැක් ෆෝර්ස් මූලස්ථානය."
ලියෝ මිමිනුවේ ඒ ලොකු දොරේ උඩම ගහලා තිබ්බ වචන ටික.ලියෝ කැප්ටන් පස්සේ හෙමින් නිශ්ශබ්දව ආවේ ඒ තැනත් ඒ වගේ හරිම නිශ්ශබ්ද එකක් වුන නිසා.
ටික දුරක් ගිහින් ආයේ කාමරයක් ඉස්සරහා නැවතුන කැප්ටන් ලියෝ දිහාවට හැරුනා.
"ඇතුලට එන්න කියනකන් ඔතනට වෙලා ඔහොම්මම ඉන්න "
ටිකක් තදින් කියපු කැප්ටන් ඒ දොර ඇරගෙන ඇතුලට ගියා.ලියෝ ටිකවෙලාවක් එහෙම්මම ඉදලා ඉන්න බැරිම තැන පොඩ්ඩක් එහාට ඇවිද්දේ මේ තැන ගැන මොනා හරි දැන ගන්න.
එතන බිත්තියක රාමුකරලා තිබ්බ ලියවිල්ලකින් ලියෝට තේරුනා මේක මොකක් හරි යුධ මූලස්ථානයක් වගේ එකක් කියලා.
STAI LEGGENDO
The Hidden World : FiokloniA
Fantasy_ලියෝ_ Leo ෆියොක්ලෝනියාවේ සැඟවුණු කුමරුන් _නොක්ස්_ Knox ෆියොක්ලෝනියාවේ අවසන් රුධිරදුනු හසුරවන්නා | Death of a Queen | | Team of Boys | | Unknown Riddle | | Different World | | Unexpected Destiny | _An ImagiNary Story Between Two Boys_