ලියෝ හෙමින් ඇස් දෙක ඇරියා....
ලියෝ එකදිගට හුස්ම ගත්තේ හුස්ම ගන්න අමාරුයි වගේ දැනුන නිසයි..ටිකවෙලාවක් එහෙම කරපු ලියෝගේ, ඕනවට වඩා සුදු මැලිවෙලා තිබ්බ හම ආයෙමත් එයාගේ සුපුරුදු පාටට හැරුනා.
හෙමින් නැගිට්ට ලියෝ දැක්කා එයා ඉන්න ලොකු කැලයක කියලා.. ඒත් ලියෝ පුදුමවෙලා වටපිට බැලුවේ මොකද ඒ ගස් එයා මීට කලින් දැකලා තිබුනු ගස්වලට වඩා දහගුණයකින් විතර විශාල වුන නිසා..
ලියෝ එයාට අන්තිමට මතක දේවල් ගැන කල්පනා කරන්න පටන් ගත්තා..
එයාට මතක එයා කැලෑව මැදින් දුවන් ආවයි ,ඒත් එක්කම එයාව එකපාරටම මොකක් හරි දෙයක් ඇතුලට ඇදිලා ගියා කියලයි
විතරයි...එයා තව ඉස්සරහට මතක් කරන්න ගියත් එයාගේ ඔලුව කලින්ට වඩා රිදෙන්න ගත්තා..
ඒ වැඩේ අත් ඇරපු ලියෝ ඇවිදින්න ගත්තේ මේ තැන මොකක්ද කියලවත් හිතාගන්න බැරුව.
අඩි කිහිපයක් ගියපු ලියෝගේ කකුල් ගල් ගැහුණේ එයා දකින දේ අදහාගන්න බැරුව.
ඒ තරම් ලස්සන හැන්දෑවක් එයාගේ මුලු ජිවිතේටම දැකලා නෑ කියලා ලියෝ එයාටම ස්තිර කරගත්තා.
"තමුන් කවුද..........!??"
ඒ දිහා වශීවෙලා බලන් හිටපු ලියෝට
එක පාරටම පිටිපස්සේන් කටහඩක් ඇහෙනවත් එක්කම මුහවත් කඩු තුඩක් තමන්ගෙ බෙල්ලට තද වෙනවා ලියෝ ඇහැ කොනින් දැක්කා."තමුන් මොකක්ද මෙහෙකරන්නේ.....??"
ඒ තර්ජනාත්මක පිරිමි කටහඬ ආයෙමත් ඇහුනා.
"මන් ආයි තමුන්ගෙන් අහන් නෑ....!!"
ලියෝට එකපරටම කෙන්තියක් ආවා..
YOU ARE READING
The Hidden World : FiokloniA
Fantasy_ලියෝ_ Leo ෆියොක්ලෝනියාවේ සැඟවුණු කුමරුන් _නොක්ස්_ Knox ෆියොක්ලෝනියාවේ අවසන් රුධිරදුනු හසුරවන්නා | Death of a Queen | | Team of Boys | | Unknown Riddle | | Different World | | Unexpected Destiny | _An ImagiNary Story Between Two Boys_