11)Fioklo Vodka

80 18 37
                                    

"ආහ්!! මන් ඔහෙට කිව්වා එක විදුරුක් විතරයි කියලා.. කොහෙද මන් කියනෙකක් ඇහුවද ??"
ඩෙන්සෙල් ඒ කැගැව්වේ, එක විදුරුවක් විතරක් රස බලන්න ඉල්ලපු ලියෝ මුලු වයින් බොතල් දෙක තුනක්ම තනියෙන් හිස්කරලා දැන් පිස්සෙක් වගේ කියවන විදිහ දැකලා.

" මේ පරවියෝ ඔයා කියනෙක අහලා තමයි මන් එක බොන්න ගත්තේ හරිද?!පස්සේ මන් දැනගත්තේ ෆියොක්ලොනියාවේ වයින් මෙච්චර රසයි කියලා. ඊට පස්සේ ඉතින් මට බලන් ඉන්න බැරිවුනා.
එතකොට ඒ ඔක්කොටම මුල ඔයා."
ලියෝ බොහොම අමාරුවෙන් කෙලින් හිටගෙන් ඩෙන්සෙල්ට අතත් දික් කරගෙන දොඩවන්න ගත්තා.

"ලියෝ ඇත්ත කියනවා!!තමුන් වයින් ඇර තව ඒවා බිව්වා නේද? නැත්තන් ඔහේ ඔච්චර මත් වෙන්නැහැ.
ඒත් ඔය කියවිල්ලනම් ඉතින් මත්වෙලා නෙවේ මැරිලා හිටියත් තියෙනවා!!"

කකුළුවෙක් වගේ වැනි වැනී ඇවිදින ලියෝව ඩෙන්සෙල් වත්තම් කරගත්තේ, ප්‍රධානියා ඇතුළු අනිත් හැම කෙනෙක්වම ආරක්ෂිතව පිටත් කෙරුවට පස්සේ.

"මන්!!!නෑ.....!!පිස්සුද අනේ!!" ලියෝ පොඩි එකා වගේ ඔලුව වන වන කියෙවුවා.

"බොරු!!ඇත්ත කියනවා මට??!!මන් දැක්කා එතන ෆියොක්ලෝ වොඩ්කා තිබ්බා.ඔහේ ඒවා බිව්වද?!!නැද්ද??!!" ඩෙන්සෙල් ඇහුවා.

"ෆියොක්ලෝ?ඒ මොනාද?"

"ඒ ෆියොලෝනියාවේ විශේෂ වොඩ්කා ජාතියක් මෝඩයෝ.වෙනසකට තියෙන්නේ ඒවා ලානිල් පාටයි.දැන් කියනවා බිවුවද නැත්ද?"

"පිස්සුද අනේ බිව්වේ නැහැ..
ඕනෙමනම්.....පොඩ්ඩක් රහ බලන්නැති එච්චරයි.හූම්ම්.." ලියෝ අතිනුත් බිව්ව ප්‍රමාණේ පෙන්න පෙන්න කිව්වා.

"හරිනේ ඔය කියව්වේ!!
මන් දන්නවනේ ඔයාගේ රහ බැලිල්ල??!!" ඩෙන්සෙල් කැගැහුවා..

"ඒකනේ ඔයා දන්නවනෙ!! මන් කිව්වේ ඇත්ත !!"

"ඔව් !! ඔව් !! මන් දන්නවා!!"
ඩෙන්සෙල් ලියෝගේ අත එයාගෙ උරහිස වටේ දාගෙන එක අතකින් ඒ අත අල්ලගෙන අනිත් අත ලියෝගේ ඉන වටේ දාගෙන ලියෝව මාලිගෙන් එලියට අරන් ආවා.

"ආනේ අහසට හඳවල් දෙකයි...!!!!!" මාලිගෙන් එලියට ආපු ලියෝ අහස දැකලා කැගැහුව්වා.

The Hidden World : FiokloniAWo Geschichten leben. Entdecke jetzt