ප්‍ර්‍රධානියා පිළිගත්තට පස්සේ රජධානියේ අනික් ප්‍රධානින්ට වෙන්වුනු තැනට ගියා.
ලියෝ ,ඩෙන්සෙල් වගේම අනිත් කට්ටියත් ප්‍රධානියගේ අරක්ෂාව අනුව විසිරිලා ස්ථාන ගත වුනා.
හැම ප්‍රධානියෙක්ම වගේම ආරාධිත අමුත්තන් ආවට පස්සේ පොඩි පොඩි කතාබහ වලින් ශාලාව පිරිලා ගියා.
.
.
."සියලු දෙනා පිළිගන්න...
ෆියොක්ලොනියාවේ ගෞරවනීය රැජින ඩියානා"
ටික වෙලාවකට පස්සේ ඒ ඇහුන කටහඬ නිසා හැමකෙනෙක්ම නිශ්ශබ්ද වෙලා ඒ පැත්තට අවධානය දුන්නා.ඒත් එක්කම වගේ ඒ විශාල දොරෙන් ආවේ ලස්සන මැදි වයසේ ගැහැනු කෙනෙක්.
ඒ කරුණාවන්ත තද දුඹුරු ඇස්, කළු කොණ්ඩේ , සුහදශීලි හිනාව , ඒ වගේම ගමනේ තිබුනු සන්සුන් ඒත් ගාම්භීර ගතිය ඒ කවුද කියනෙක තවත් හොඳින් ඉස්මතු කලා.ඒ හැම දේකින්ම ඇය ස්ථීර , ස්වාධීන ,හිත ඇදගන්නා සුලු කාන්තාවක් බව හැමෝටම පෙනුනා.
හැම කෙනෙක්ම රැජිනට යන්න ඉඩ හදලා දෙපැත්තට වුනා.
ශාලාව මැදින් ආව රැජින අනිත් ප්‍රධානීන් ඉන්න ටිකක් උස මණ්ඩපයේ රැජිනට වෙන්වුන ආසනයට ගියා.
රැජින එතනට එනකොට අනිත් ප්‍රාධානීන් තමන්ගේ තැන් වලින් නැගිටලා රැජිනට ආචාර කලා.
ඒ ආචාර පිලිගත්ත බව පෙන්නන්න ඔලුව නවපු රැජින තමන්ගේ තැනට ඇවිත් මෘදු එත් ස්ථිර කටහඬකින් කතා කලා.
"මුලින්ම මන් ස්තූතිවන්ත වෙනවා සියලු දෙනාට මගේ ආරාධනයෙන් මෙතනට පැමිණීම ගැන.
අපි සියලු දෙනාම දන්නවා සෑම වර්ෂයටම සැරයක් මේ උත්සවය පැවැත් වීමෙන් අපි බලාපොරොත්තුවන්නේ රාජධානි හතරේ සාමකාමීත්වය හා එකමුතුකම රඳාපවත්වා ගැනීම කියන එක.
ඉතින් ඒ වෙනුවෙන් සහයෝගය පෙන්වන්න මෙහි පැමිණි ඔබ හැමෝටම අද ඉතාමත් උත්කර්ෂවත් දිනයක් වෙයි කියලා මම හිතනවා.
එහෙනම්.....
අපේ ෆියොක්ලොනියාව වෙනුවෙන්!"අන්තිම වාක්‍ය රැජින වගේම ශාලාවේ හිටපු හැමකෙනෙක්ම තම තමන්ගේ වයින් වීදුරු උඩට ඔසවනවත් එක්කම එකට කිව්වා.
YOU ARE READING
The Hidden World : FiokloniA
Fantasy_ලියෝ_ Leo ෆියොක්ලෝනියාවේ සැඟවුණු කුමරුන් _නොක්ස්_ Knox ෆියොක්ලෝනියාවේ අවසන් රුධිරදුනු හසුරවන්නා | Death of a Queen | | Team of Boys | | Unknown Riddle | | Different World | | Unexpected Destiny | _An ImagiNary Story Between Two Boys_