9)Attention

79 28 42
                                    

"වාහ්... ඔය ඉන්නෙ ලස්සනට..." ලියෝ කණ්ණාඩියෙන් තමන් දිහා බලන් හිටියේ ඩෙන්සෙල්ගේ අල්මාරියෙ වෙන පාටකින් තිබ්බ එකම ඇඳුම ඊයේ රෑ හොරෙන් උස්සලා ඒක ඇඳන්.

මොකද ලියෝගේ අඳෝනාව දරාගන්න බැරිම තැන ඩෙන්සෙල් කැමතිවුනා ලියෝව උත්සවයට අරන් යන්න.

"ලියෝ....!!!! මන් යන්නද නැත්තම් ඔයා දැන් එනවද??" ඩෙන්සෙල් සියවෙනි පාරටත් පහළ ඉඳන් කෑගැහුව්වා.

"මේ එනවා...!!" ලියෝ පහළට දිව්වේ මේ පාරනම් ඇත්තටම දාලායන්න තියෙන ඉඩකඩ වැඩිනිසා.

"මට පේන හැටිද නැත්තම් ඇත්තටම ඔයා ඇඳන් ඉන්නෙ මගේ එකක්ද??!!" පහළට ආව ලියෝ දිහා ටිකවෙලවක් බලන් හිටපු ඩෙන්සෙල් ඇහුවේ සැකෙන්.

"මොකක්ද??!! මේක?!! නෑ......" ලියෝ එක පරටම කියපු විදිහට ඕන පොඩි එකෙක්ට එයාගෙ බොරුව තේරුම් ගන්න පුලුවන් වුනා.

"හී.......
හරි ඉතින් ඒක අල්මාරියේ තිබුනා කියලා ඔයා අඳින එකක් ඈ?? හැම තැනටම කලු ඇඳගත්ත හොල්මනක් වගේ යනවා ඇරෙන්න, ඒකයි ඉතින් ගත්තේ!!" ලියෝ තමන්ගේ නිවැරදි බාවය පාපොච්චාරණය කරන්න පටන්ගත්තා.

"හරි.."ඩෙන්සෙල් ලොකු හුස්මක් පිටකරන ගමන් ඔලුව වැනුවේ තවත් කියලා වැඩක් නැතිනිසා.
"ඒ කොහොම වුනත් ඔයා මතක තියාගන්න ඔයා බ්ලැක් ෆෝර්ස් සටන් කරුවෙක් කියනෙක..ඔයා ඕන වෙලාවක අවදානයෙන් ඉන්න ඕනේ ..!!!??" ඩෙන්සෙල් ටිකක් බැරැරුම් විදිහට ඒටික කිව්වා.

"අයියෝ... ඩෙන්සෙල් මන් කොහොමත් අවදානයෙන් තමයි ඉන්නේ,
අනික මේක උත්සවයක්නේ!!?" ඒ වෙනකොටත් දොර ලඟ හිටපු ලියෝ කැගැහුව්වා.

"ඒ නිසා තමයි කියන්නේ !!?" ඒත් එක්කම කියපු ඩෙන්සෙල් ඒ දිහාවට ඇවිද්දා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ඔයා ඇත්තටම මට මෙයාව දෙනවද??!!"ලියෝ අදහාගන්න බැරුව ඇහුවා.

මූලස්ථානයට ගියාට පස්සෙ ඩෙන්සෙල් බ්ලු ජේලා දෙන්නෙක්ව අරන් එනවා දැකලා ලියෝට සතුට වැඩිවෙලා පුපුරන්න ගියා.

කුරුල්ලෙක්ව පදින එක ටිකක් අමාරු දෙයක් කියලා ඩෙන්සෙල් මුල ඉඳන්ම කිය කිය හිටියා. මොකක්ද ඒකට 'විශේෂ බැඳීමක්' වගේම පුහුණුවක් ඕනේ වෙන නිසා.

The Hidden World : FiokloniADonde viven las historias. Descúbrelo ahora