7)Get to Know

87 30 21
                                    

"ම්ම්ම්... එහෙනම් ඒ විශ්වාසයත් එක්ක මට කියනවද මේ ලෝකෙ ගැන??"

ලියෝ පුංචි හිනාවක් එක්ක ඇහුව්වා.

"හ්ම්ම්.......
මේ ලෝකෙට කියන්නේ ෆියොක්ලොනියාව කියලා..
මන් කිව්වා වගේ ඔයා නොහිතන ඕනම දෙයක් වෙන්න පුලුවන් ලෝකයක්."

ඩෙන්සෙල් නගරය මැදින් ඇවිදන් යන අතරේ පැහැදිලි කරන්න පටන් ගත්තා.

"එතකොට ෆියොක්ලොනියාවේ මිනිස්සු ජාතීන් හතරකට බෙදෙනවා,
ඒ තමයි අග්නි , ජල ,පෘථිවි , වායු..
ඒ හැම ජාතියකටම බල හසුරවන්නන් ඉන්නවා"

"පොඩ්ඩක් ඉන්න!!!ඒ කියන්නේ මෙහේ ඉන්න හැමෝටම එක එක බල තියෙනවා කියලද??"

ඩෙන්සෙල්ට කියලා ඉවර කරන්න බැරි වුනේ ලියෝ මැදින් අහපු ප්‍රශ්නේ නිසා.

"හැම කෙනෙක්ටම නැහැ..
ඒත් ජාතීන්වල ඉන්න සමහර අයට බලය හසුරවන්නෙක් වෙන්න වාසනාව තියෙනවා.. ඒක තිරනය කරන්නේ සොබාදහම "

"බොරු....!! "ලියෝ විස්වාස නොකරන බැල්මකින් ඩෙන්සෙල් දිහා බලන් හිටියා.

"ඔයා විස්වාස කරන්නැහැ එහෙනම්...?!"ඩෙන්සෙල් උපාසාත්මක හිනාවක් එක්ක අහද්දි ලියෝ ඇස් දෙකත් ලොකු කරන් ඔලුව වැනුවේ ඔව් කියන්න.

"එහෙනම් බලන් ඉන්න"

එකපරටම පාරේ දෙපැත්තේ තිබුනු සාප්පු වලින් එකක් ඉස්සරහා නතර වුන ඩෙන්සෙල් කින්ඩි හිනාවක් එක්ක කිව්වා.

ඊලඟ මොහොතේ ලියෝ කටත් ඇරන් බලන් හිටියේ ඒ සාප්පුව ඉස්සරහ තිබුනු මැටි බඳුනක් පාවෙලා එයා ලඟට ආපු නිසා.

"දැන් විශ්වාස කරනවද ??"

ඩෙන්සෙල් උපාහාසයෙන් ඇහුව්වේ තව ටිකකින් කට බිම ගෑවෙන තරම් කටත් ඇරන් බලන් ඉන්න ලියෝ දිහා කින්ඩි හිනාවකින් බලන අතරේ.

"වාහ්..................
ඒ කියන්නේ ඔයාට බලයක් තියෙනවද!!!????"
ඔයාට තව මොනාද කරන්න පුලුවන්!!!???" ලියෝ ලොකු කුතුහලේකින් ඇහුව්වා.

"මන් වායු හසුරවන්නෙක්....." ඩෙන්සෙල් කිව්වා.

"ඒ කියන්නේ ඔයා වගේ තව ගොඩක් අය ඉන්නවද??!!!
ඒ අයටත් ඔයා වගේම එක එක දේවල් කරන්න පුලුවන්ද??!!"

The Hidden World : FiokloniADonde viven las historias. Descúbrelo ahora