02.

510 117 7
                                    

අවසානයේ ජිමින් හුස්මක් හෙළුවේය. දවස පැමිණ ඇත;  ඔහුගේ පියා මීට වසර කිහිපයකට පෙර වැඩ කළ මනෝචිකිත්සාගාරයේ වැඩ කිරීමට ඔහුට අවස්ථාව ලැබි අැත.

එය විශාල ගොඩනැගිල්ලක් වූ නමුත් අඳුරු හා බිය ගන්වන සුලු පෙනුමක් තිබුනි. කෙසේ වෙතත් එය ඉතා වෘත්තීය අන්දමින් නිමවා තිබුනි.
ඔහුගේ වෛද්‍ය විද්‍යාලයේදී හමුවු නව මිතුරන්ද ජිමින් සමග සිටියේය.
ජන්ග් හොසොක් සහ කිම් තේහුං. ඔවුන් දෙදෙනාම සිය අධ්‍යයන වාර අවසන් කර සියෝල් නගරය අසල රෝහලක වැඩ කරමින් සිටියහ.

ජිමින් ඔවුන් ගැන ආඩම්බර වූවේය.ඔව් , තමා ගැනද ඔහු ආඩම්බර විය.

ඔහු තම පියාගේ රැකියාව දිගටම කරගෙන යන බවට පොරොන්දු වුන අතර එයින් කිසි විටෙකත් අසමත් නොවන බව හෝ කිසි විටෙකත් මවගෙ බලාපොරොත්තු සුන් නොකරන බව ඔහුගේ පියාට පොරොන්දු විය. බැලූ බැල්මට ඔහු පොරොන්දුව ඉටු කළ බව පෙනේ.

ඔහු වීදිය දිගේ ඇවිද යන විට සියල්ල හොඳින් සිදු වූයේය. ගොඩනැගිල්ල අසලට පැමිනි ඔහු එතන තිබු දොර විවෘත කලේය.අසනීප වූ බොහෝ පුද්ගලයින් ඔහුගෙ නෙත ගැටිණ.

"පාක් ජිමින්?" කාන්තාවක් හඬ නැගීය.

"ඔව්, ඒ මම."

කාන්තාව ඇය සමඟ බෑගයක්ද රැගෙන ජිමින් වෙත පිය නැගුවාය.
ඇය සාමාන්‍ය ලෙස අැඳ පැලඳ සිටියාය. බැලූ බැල්මට ඔවුන් සතුව තමන්ගේම නිල ඇඳුමක් තිබුණි.
ලා කොළ බ්ලවුසයක් සමඟ කොළ පාට ස්වීට් පෑන්ට්ස්
ඇය ඔහු සමඟ සිනාසී කාර්යාලයට යන මාර්ගය පෙන්වීය.

"අපිට මෙහෙ නීති ටිකක්  තියෙනවා .." අැය අාරම්භ කලේය.

"එක, අපිට නිල ඇඳුමක් තියෙනවා.එ්වා මෙතන-" ඇය ඔහුට පෙට්ටියක් පෙන්වමින් ඉදිරියට ගියාය.
"දෙක, මෙහෙ හැමෝම තම තමන්ගේ වැඩක් බලන් පාඩුවේ ඉන්න අය.ඉතින් ඔයත් එහෙම වෙයි කියල මන් හිතනව ."
මෙන්න ඔයාගෙ කාලසටහන ඔතන ඔයාගෙ පේශන්ලගේ නම් ඇති . ඔයා කරන්න ඕන එයාලව එයාලගෙ කාමරයෙන් එලියට එක්ක ගෙන යන එක නැත්තන්........එයාලගෙ කාමරේට වෙලා ඉන්න එක.."

වාව්, මොන මගුලක්ද?

ජිමින්ට ඔහුගේ පළමු දිනයේදීම එය ඉතා විශාල වගකීමක් ලෙස දැනුනි.එමෙන්ම එය ඔහු බලාපොරොත්තු වූ දෙයකි.

මනෝචිකිත්සාගාරයක් බොහෝවිට නිහඬව පවතින අතර ඇසීමට ඇති එකම දෙය නම් සමහර රෝගීන් අකමැති ඔෟෂධ ලබා දෙනවිට කෑගසන ආකාරය පමණි.

ජිමින් අවබෝධයෙන් හිස සැලුවේය.

"තව.. ජොන් ඔයාගෙ රෝගින් ලැයිස්තුවෙ ඉන්නවනම් අන්තිම තට්ටුවේ තියෙන්නෙ එයාගෙ කාමරය විතරයි. ඔයාට එයාව ලැබිලනම් මට ඔයා ගැන කණගාටුයි. ජොන් ආරම්භකයින් විහිලුවට ගන්න කැමතියි,එ් නිසා සැලකිල්ලෙන් ඉන්න.නැත්තන් එයා ඔයාව බය කරයි."

මම දිවුරනවා මම මේ නම කොහේ හරි අහලා තියෙනවා කියලා ...!

♤♤

අද පලවෙනි දවස නිසා දෙකක් දුන්නා..හිහි මන් හොඳයි..නේ...
;")

Psycho || JikookWhere stories live. Discover now