08

340 112 6
                                    

හැමදේකින්ම පස්සෙත් ජන්කුක්ගේ මුහුණ තිබුනු අයුරු මතක් කරමින් ජිමින් ගොඩක් හිනාවුණා.නෑ ඔවුන් දෙදෙනම හිනාවුණා.ජන්කුක්ට මේ වෙනකොටත් මේ මනෝචිතිත්සකයා ගැන අමුතුවට දැනෙන්න පටන් අරන් තිබුනේ.මුලු රෑ පුරාම ජන්කුක්ගේ ඔලුවේ තිබුනේ ජිමින්ගේ එ්න්ජලික් හිනාව.කොච්චර උත්සහ කරත් එ්ක අමතක කරන්න ජන්කුක්ට පුලුවන් වුනේ නෑ.

ජන්කුක්ට තමන් ගැනම දුක හිතුනා.

ඔව්.මාස 3 ක් එක දිගට හිරවෙලා ඉන්න කවුද කැමති.

අනෙක් දවසේ ජිහූන් ට තමන්ගේ දෙමාපියන් හමුවෙන්න අවසර ලැබුනු නිසා ජිමින් ජන්කුක්ව පුදුම කරන්න හිතාගෙනම කලින්ම අවසාන තට්ටුවට පිටත් වුනා.
දොර අරිනවත් එක්කම ජිමින් දැක්කේ හොඳ නින්දක හිටපු ජන්කුක්ව.

මොන මගුලක්ද මෙයාවගෙ කෙනෙක් මේවගේ තැනක කරන්නේ

ජිමින් හෙමින් අඩි තියමින් ජන්කුක්ගේ අැඳට එහා පැත්තෙන් හිටගත්තා.

"අැයි අාවේ..." ජන්කුක්ගේ කටහඬින් ගැස්සිලා ගිය ජිමින් අැස් දෙකත් ලොකු කරගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියා.

"මෝඩ ප්‍රශ්න අහන්න එපා....මන් හිතුවේ ඔයා නිදි කියල.."

"ම්ම්ම්...මං නිදිනං ඔයා මොකක්ද කරන්න හිතුවේ ...මාව කිස් කරන්නද ..."ජන්කුක් අැහුවේ
කට කොනේ හිනාවකුත් තියාගෙනමයි.

"ජොන් ජන්කුක්...!!"

හොඳ හුස්මක් අරන් ජිමින් අයෙත් කතා කරන්න ගත්තා..

"සමාවෙන්න ජන්කුක්...මන් එච්චර හයියෙන් ඔයාට කතාකරන්න හිතුවේ නෑ...මොකක් හරි.....
අැයි ඔයා නිදි වගෙ හිටියේ?"

"මන් පොඩි විවේකයක් ගන්න හැදුවේ"

"එහෙමද මං යන්නද එහෙනම්-?"

"මොකටද එහෙනං අාවේ"

"මං අාවේ .......ඔයාට උදව් කරන්න"

"හරි එහෙනං ඉතින් උදව් කරන්න"

ජිමින් ජන්කුක් දිහා බැලුවේ කන්ෆියුස් වෙච්ච මූණකින්.
"මං කොහොමද-?"

"ගියපාර මං ඔයාට මං ගැන කිව්වොත් මට දෙයක් දෙන්නං කිව්වා නේද ..මේ පාර මොකක්ද?"

"ඔයා මාත් එක්ක හොඳින් හිටියොත් මං ඔයාව නිදහස් කරනවා.ඔය ලොක් වලින්"  එහෙම කිව්වත් ජිමින්ට හිතුනේ නොකියවිය යුතු දෙයක් කියවුනා වගේ හැඟීමක්.

"අැත්තමද ...මං මගෙ උපරිමෙන් මාව කන්ට්‍රෝල් කරගන්න බලන්නම් .මේ මගුලෙන් මාව නිදහස් කරන්න ප්ලීස් ජිමින්."

♤♤

අර විදියට ලියන්න අමාරුයි අනේ...:")

Psycho || JikookWhere stories live. Discover now