06

358 109 6
                                    


"පාක් ජිමින් ඔයාගේ කාලය අවසන්!" කාමරයෙන් පිටත සිට කෙනෙක් කෑ ගැසනු ඔහුට අැසුනි.

ජිමින් එම හඬ හඳුනා ගත් අතර එය අයිති ඔහුට ගොඩනැගිල්ල පෙන්වූ කාන්තාවට විය.

"ඔව්! තත්පරයක්!" ඔහු ඉක්මනින් පිළිතුරු දුන්නේය.

"ඔයා යනවද?" ජන්ග්කුක් අැසුවේ කලකිරීමෙනි.

"ඔව් මට යන්න වෙනව.." ඔහු පිළිතුරු දී ඔහුගේ සියලු දේ රැගෙන දොර වෙතට ගියේය.දොර විවෘත කිරීමට පෙර ආපසු හැරී බැලූ නමුත් ජන්ග්කුක්ගේ මලානික වු බැල්ම ඔහුගේ නෙත ගැටිණි.

"එහෙනම් පස්සේ හම්බවෙමු?"

"ඔව් ..ඇත්තෙන්ම..." ඔහු සිනාසෙමින් ඔහුගේ හිස කොට්ටය මත තැබුවේය.
ජිමින් ඔහුට සිනහවකින් සංග්‍රහ කරමින්ම පිටතට අඩිය තැබුවේය.

මන් එයාට ගුඩ් බායි හරි මොනාහරි කියන්න ඕනද-

"එයා කොහොමද?" කාන්තාව ඇසුවාය.

"ඔහ්, එයා? ම්ම්- එයා හොඳින් හිටියා."

"එයා හැම තිස්සෙම තරහ ගන්නවා..කෑගහනවා...එයාව වැඩිය ගණන් ගන්න එපා..."

එයා මට එච්චර බැන්නේ නැහැ

ජිමින් හිස සැලුවා පමණි.

ඔවුන් දෙදෙනාම සෝපානයෙන් ඉවත්ව  තමන්ගේ කාර්‍යාල තුළට ඇතුළු වූහ.

ජන්ග්කුක් කොපමණ කාලයක් එහි කොටු වී සිටියාද යන ප්‍රශ්නය ක්‍ෂණිකව ජිමින්ගේ මනස තුළ ඇති විය.

කාගෙන්ද මට එ්ක අහන්න පුලුවන්.?

ඔහු කල්පනා කළ අතර පසුව ඔහුට එම පත්‍රිකාව සිහි විය.දුඹුරු පැහැති හිසකෙස් අැති කාන්තාව ඔහුට දුන් වැඩ පත්‍රිකාව.

ඇත්තෙන්ම මම අැගේ නම අහන්න ඕන.

"කිම් නම්ජූන්." ඔහු එය කියවා ඔහුගෙ කාර්යාලය දෙසට පිය නැගුවේය.
එහි පැමිණි ජිමින් කිහිප වරක් දොරට තට්ටු කළ අතර තත්පර කිහිපයකට පසු ඔහුට පිලිතුරු ලැබිනි.
"ඇතුළට එන්න!"

ඔහු සෙමෙන් දොර විවර කර බැලුවේය.අවුල් වූ හිස කෙස් අැති අයෙක් තම මේසය මත වු කඩදාසි කීපයකට නෙත් යොමා සිටිනු ඔහු දකින්නට විය.

පසුව ඔහු ජිමින් දෙස බැලුවේය.
"ඔහ්.. හලෝ! ඔයාට උදව්වක් ඕනද?" ඔහුගේ හඬ විශ්වාසනීය වූ අතර ඔහුගේ පෙනුම ඔහු බුද්ධිමතෙක් බව හඬගෑවේය.

"මම මෙතනට අලුත්, පාක් ජිමින්, මගේ පේශන්ට් ජොන් ජන්ග්කුක් .. "
නම්ජූන් එම පත්‍රිකාව පසෙකට දැමූ ආකාරය ඔහු දුටු අතර ඔහු ඔහුගේ සියලු අවධානය ජිමින්ට ලබා දුන්නේය.

"මට දැන ගන්න ඕන..එයාව කොච්චර කල් ඉඳන්ද හිරකරල තියෙන්නෙ.? එච්චඑ තදට ගැටගහල නොතිබුනත් දොර අරින්න අමාරු වුන නිසාමන් හිතන්නෙ කවුරුත් එ් අැතුලට ගොඩ කාලෙකින් ගිහින් නැතුව අැති"

ජිමින්ගේ වචන වලට හොඳින් ඇහුම්කන් දුන් නම්ජූන් පසුව අමුතු සිනහවක් පෑවේය.

"ඔව්, මම හිතන්නේ එයාව මාස 3 ක් විතර හිර කරලා. එයාට නිතරම එයාගෙ පාලනය නැතිවෙනවා.එ් වෙලාවට එයාගෙ වටේ ඉන්න හැමෝටම වගේ එයා ගහනවා.එ් නිසා ආරක්ෂාවක් නැතුව කාමරයේ ඉන්න ඉඩ දෙන එක අනතුරුදායකයි. දොර, ඒ ගැන කරදර වෙන්න එපා. අපි, ඇත්තෙන්ම මම විතරක්, සතිපතා එයාට කෑම ගිහින් දෙනවා. එයා වැඩි වෙලාවක් ගත කරන්නේ නින්දෙන්. එයා ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න බෑ. එයාට හොඳ වෙන්න බැහැ කියල මං දන්නව..අනික එයා වගේ කෙනෙක් එක්ක වැඩ කරන එක අමාරු අැති..එ්ත් අපිට මීට වඩා දෙයක් කරන්න බෑ..මේ වෙලාවේ එයාව බලාගන්න ඉන්න එකම කෙනා ඔයා විතරයි.හැමෝම කිව්වේ එයාව හොඳකරන්න බැහැ කියල. "

ජිමින් හඬන්නට ආසන්න විය

දෙවියනේ, මේක හරිම කණගාටුදායකයි. ඇයි හැමෝම එයාව අතහරින්නේ ?? එයත් මනුෂ්‍යයෙක්. සතුට , ආදරය ලැබෙන්න ඕන කෙනෙක්. ඒක හරිම අසාධාරණයි.

"මම මගේ උපරිමය කරන්නම්, මම එයාව අත්හරිින්නේ නෑ." ජිමින් තහවුරු කළ අතර නම්ජූන් මදක් කම්පනයට පත් ව බලාසිටියේය.

"ගුඩ් ලක් පාර්ක්, මම හිතන්නේ ඔයාට හොඳ හදවතක් තියෙනවා. ඔයාට උදව්වක් ඕන උනොත් මට කතා කරන්න."

"ස්තූතියි, හියුන්ග්."

"ඔයා දන්නවද මම වැඩිමල් කියලා?" නම්ජූන් සිනාසුණේය.

"ඔයගෙ පෙනුම ඒ වගේ."

"එ්ත් මං සීයා කෙනෙක් නෙවෙයි!"
ජිමින් සිනාසුණේය. නමුත් මෙහි සිරවී සිටින පුද්ගලයා ගැන ඔහු තවමත් කණගාටු විය.

♤♤

ජන්කුක් පව් නේත ;(...
මේක දිගයිනේ...ටිකක් හරි ....මගෙ ඔලුවෙ පැත්තකුත් රිදෙනව එ් අස්සේ...

Enjoy :")

Psycho || JikookWhere stories live. Discover now