07

355 110 15
                                    

විවේක කාලයෙන් පසුව ඔහු නැවතත් තම තෙවන රෝගියා පරික්ෂා කිරීමට ගිියේය.
◇◇

ජිමින් බලාපොරොත්තු වූයේ ඔහු  වෙනුවෙන් ගෙනා බීමට ජන්ග්කුක්ද කැමති වනු අැතියි කියාය.

ඔහු එය කළේ ඔහුගේ රැකියාවෙන් පිටය. ජිමින් පාන්දරම පිටතට යන විට කෝපි කඩයක් අසලින් යනගමන් ජන්ග්කුක් ගැන කල්පනා කළේය.

ජන්ග්කුක් වරක්වත් මෙවැන්නක් පානය කළ අැත්දැයි ඔහුට නිසැකයක් නැත, නමුත් ඔහු එය මිලදී ගෙන රැගෙන ගොස් ඔහුගේ කාර්යාලයෙ මේසය මත තැබීය.

ජිහූන් පිරික්සීම අවසන් කිරීමෙන් පසු එය ගැනීමට අමතක නොකළ යුතු බව ඔහු තරයෙ මතක තබා ගත්තේය.

ජිහූන් නැවත වරක් ජිමින්ට ඔහුගේ ජීවිතය සහ ඔහුගේ මානසික අවපීඩනය ආරම්භ වූයේ කෙසේදැයි කීවේය.

ඇයි ජන්ග්කුක්ට එයා වගේ වෙන්න බැරි?

මෑතකදී සිට ඔහුගේ සිතුවිලි ජන්ග්කුක් ගැන පමණක් බව ඔහුට වැටහුනි.
"එ් මගේ පේශන්" ඔහු නිතරම තමාටම කියාගත්තේය.

ඔහුට සදහටම ඔහුව රැකබලා ගැනීමට අවශ්‍යතාවයක් දැනුනි.

ජිහූන් සමඟ කතා කිරීමෙන් පසු ජිමින් ඔහුගේ කාර්යාලයට ඇතුළු වී කෝපි එකද රැගෙන ජන්කුක්ගෙ කාමරය වෙත පිටත් විය.
එමෙන්ම එ් අතර ජන්කුක්ගෙ ඇඳ ඇතිරිලිද විය.

සෝපානය වෙත යන විට සියල්ල නිශ්ෂබ්ද විය. ඔහුගේ පළමු දිනයේ සිටම ගොඩනැගිල්ල ඉතා නිහඬ ස්ථානයක් විය. තවමත් එය ඔහුගේ දෙවන දිනය වූ බැවින් සෑම දිනයක්ම නිශ්ශබ්ද සිටි බව එයින් අදහස් නොවන හෙයින් ඔහු එය පසෙකලා ඉදිරියට ගියේය.

අන්තිම තට්ටුවේදී ඔහු නැවතත් අමාරුවෙන් දොර විවෘත කල අතර ජන්ග්කුක් හිස ඉදිරියට නැඹුරු කර පිරික්සුවේ එ් කවුරුද යන්නයි.

"Nice to see you again..cutie,"

ජිමින්ගේ දෑස් විසල් වූ නමුත් ඔහු නිහඬවම ජන්ග්කුක් අසලට වී බලා හිටියේ ඔහු අත නිදහස් කරන්න ගන්න උත්සාහය දෙසයි.  ඔහුගේ වැලමිටද අැඳට කර බැඳ තිබූ හෙයින් ඔහු කෙසේ හෝ අත සෙලවීමට උත්සාහ කළේය.

ජිමින් ඔහු ගැන තවමත් කනගාටුවෙන් පසු විය.

"හලෝ, ජන්ග්කුක්. ඔයාට කොහොමද?"

"දැන් ඔයා මෙහෙ ඉන්නකොට මට නිදහසක් දැනෙනවා."

මනෝචිකිත්සකයාට ඔහුගේ කම්මුල් උණුසුම් වන බව දැනුන අතර ලැජ්ජාවෙන් හිස පහත් කළේය.
"ඔහෝ! ඔච්චර ලැජ්ජ වෙන එක නවත්තන්න."

" ජන්ග්කුක්, බලන්න මම ඔයාට මොනවද ගෙනාවේ කියලා."

ජිමින්ගේ අත්වල දුඹුරු පාට පානයක් දුටු ජන්ග්කුක්ගේ ඇස්වල ප්‍රශ්නාර්ථයක් අැඳිණ.

"මේ මොනා ද?"

ජිමින් උස් හඬින් පිලිතුරු දෙනු ඔහුට ඇසුනි.
"ඔයා කවදාවත් කෝපි එකක් බීලා නැද්ද ?!

ජන්ග්කුක්ට ඔහුගේ අතීතය ගැන සිතීම දුෂ්කර විය, මන්ද ඔහුට මතක් වනුයේ ඔහු මිනිසුන් ඝාතනය කල අයුරු පමණි. ඔව්, නරක මතකයන් විතරයි. ඉතින් පිළිතුර සඳහා ඔහු හිස දෙපසට වැනුවේය.

"හරි, කමක් නැහැ. මෙන්න ... u should try this ." ජිමින් එය සමඟ පානය සඳහා බටයක්ද ගෙන එ්මට අමතක නොකලේය .ඔහු එය ප්‍රවේශමෙන් අැතුලු කර ජන්ග්කුක්ට දුන්නේය.

"ෆ්හ්හ්හ්ට්"-ඔහු වහාම කටේ තිබූ පානය විසිකලේ අප්පිරියාවෙනි.

ඔහුගේ ක්‍රියාව නිසා ජිමින්ට සිනහව පාලනය කර ගත නොහැකි වූ අතර ඔහු ජන්ග්කුක් ඉදිරිපිටම හයියෙන් සිනාසුණේය.

නොදැනුවත්වම ඔහු තම රෝගියාට ළංවෙමින් සිටියේය .

♤♤

මට උණද මන්ද එ් පාර...
මේ අැතිනේ අදට...:")
Enjoy :")

Psycho || JikookWhere stories live. Discover now