04.

353 112 9
                                    

පලමු දිනයේම ජිමින් කලින්ම තම රැකියාවට වාර්ථා කර තිබුනේය.
ඔහු තම පලමු රෝගියාව පරීක්ශා කල අතර එය ඔහු සිතුවාටත් වඩා පහසු විය.
ඔහුගෙ දෙවන රෝගියා වූයේ ජොන් ජන්කුක්ය.ඔහු තවමත් ඔහුගෙ සිතුවිලි සමඟ තර්ක කරමින් සිටියේ එ් නම ඔහු මීට පෙරදීද අසා අැති බව සිතිමෙනි.

එය ඔහුට ඉතාමත් සමීප නමක් ලෙස දැනුනු අතර කෙසේ වෙතත් මෙම පුද්ගලයා ලේසි පහසු අයෙක් නොවන බව වැටහුනේ කාන්තාව කියූ අවවාදය මතක් වූ නිසාවෙනි.

විදුලි සෝපානය ගොඩනැගිල්ලෙ අවසන් තට්ටටුවේ නතර වනවාත් සමඟම දොර විවිර වුනේය.විදුලි සෝපානයෙන් එලියට අඩිය තැබූ ඔහු මුලින්ම දුටුවේ තට්ටුව කෙලවරෙහිම තිබූ කාමරයයි.එය එම තට්ටුවට තිබු එකම කාමරය එය විය.

ඔහු තමාටම සුභපතමින් දොර මත අත තබා දොර විවර කලේය.
ක්ර්ර්ර් හඬක් නගමින් දොර විවර වනවාත් සමඟම ජිමින් තම අැස් තද කරගත්තේ එයින් පිටවූ ශබ්දය ඉතා වැඩි වූ බැවිනි.

ගොඩකාලෙකින් අල්ලවත් නැද්ද මේ දොර..

" මොනාද මේ පාර තමුසෙලට ඕන-"
ගැඹුරු හා ස්ථීර හඬක් තිබු හඬෙහි අයිතිකරුවා ඉක්මනින් තමන් පැවසීමට ගිය දේ නැවැත්වූවේ .මෙතෙක් දැක නැති අයෙක් කාමරයට අැතුලු වන බව දැකීමෙනි.

"හලෝ...මං පාර්ක් ජිමින් ..ඔයාගෙ අලුත් මනෝචිකිත්සකයා"

මොන මගුලකටද මං මෙයාට එ්ක කිව්වෙ..

ජන්කුක් තොල් අගට හිනාවක් ගෙන බලා සිටියේ අමුත්තා කුඩා අඩි තබමින් තම අැඳුම් අල්මාරිය දෙසට යන අයුරුයි .

"ඔයා මොනවද බලන්නෙ පැටියෝ"

ඔහුගෙ කටහඬට ජිමින් එක්වරම ගැස්සුනේය

"මගෙ ෆයිල් එකද...ඔතන අැති ...බලන්න බලන්න.."

මනෝචිකිත්සකයා කෙල ගුලියක් ගිලිමින් ඔහුගෙ ෆයිල් එක සඳහා අල්මාරිය පිරික්සුවේය.
එය අැත්තෙන්ම ජීහූන්ගෙ ෆයිල් එකට වඩා බර විය.එය විවෘත කිරිමත් සමඟ ජිමින්ගෙ දෑස් විසල් වූයේ ජන්කුක් මරා අැති මිනිසුන් ගණන දැකීමෙනි.
ඔහුගෙ දෑත් වෙවුලන්නට ගත් අතර හිස තුල දහසකුත් ප්‍රශ්න කැරකෙන්නට විය.

මේ එයා..දෙවියනේ ..මේ අර මිනිමරුවා "ජොන් ජන්කුක්"

"මොකද වුනේ හහ්...ඔයාට හිතෙන්නෙ නැද්ද මං මෙතනම ඔයාව මරල දායි කියල" ඔහු ජිමින් දිහා බලමින්ම හිනාවෙන්න පටන්ගත්තේ ජිමින්ව තවත් බිය ගන්වමිනි.

"ඔයා...ඔයාව බැඳල තියෙන්නෙ" ජිමින් නිර්භීතව පැවසුවේ තම රෝගීයාව බැඳ අැති බව එක්වරම සිහිවිමෙනි.
ජන්කුක් එක්වරම හයියෙන් සිනහවෙන්නට ගත් අතර ජිමින්ගෙ හදවතේ වේගයද වැඩි වනු ඔහුට දැනුනි.

"ඔයා ස්මාර්ට්..පාර්ක්...නියමයි"

නමුත් ජිමින්ට, හොඳින්ම බාලයා තමන්ගෙ තොල් තම දිවෙන් තෙත් කරනු මගහැරිනි.

♤♤

Baeuty අායෙ දානවලු ...දවස් දෙකකට සැරයක් දෙන්නම් එ්ක...;")

Enjoy ;")

Psycho || JikookWhere stories live. Discover now