ජන්කුක් නිදිද නැත්තන් තවමත් අැහිරිලාද කියල ජිමින්ට අදහසක් තිබ්බේ නෑ.
මනෝ චිකිත්සාගාරයේ හැමෝම තම තමන්ගෙ කාමර වලට යනකන් බලන් හිටිය ජිමින් දැන් ඉන්නෙ තමන්ගෙ කාමරේ දොර ඉස්සරහ .සද්දයක් නැගෙන්නෙ නැති විදියට දොර විවර කරපු ජිමින් අඩ අඳුරේ ගිලිලා තිබුනු කොරිඩෝවට අැතුලු වුනා.
ඔහු කෙලින්ම පඩිපෙල භාවිත කරන්න හිතුවෙ සෝපානය භාවිත කලොත් විශාල සද්දයක් නැගෙයි කියල හිතුනු නිසා.ජිමින්ගෙන් සුසුමක් පිටවුනෙ සද්දයක් නොනැගෙන්න ජන්කුක්ගෙ කාමරේ දොර විවෘත කරන්න ගන්න උත්සාහය අතරදිමයි .
ජන්කුක්ගෙ කාමරේත් සුපුරුදු පරිදි අඳුරු වු නිසා ජන්කුක් නිදි අැති කියල ජිමින් නිගමනය කලා.
තම දුරකතනය අතට ගත් ජිමින් හෙමින් සීරුවේ ටෝච් එක ඔන් කලා .(flashlight )ඔහු නිවැරදියි .ජන්කුක් එ් වන විටත් සුව නින්දෙ පසු වුනා.
"එයා අායේ මාව රවට්ටනව වත්ද"
" දැන් ඔයාට හොඳයි කියල මන් හිතනව ජන්කුක් " ජන්කුක්ගෙ කනට කෙඳිරු ජිමින් ඔහුට එහා පැත්තෙන් ඉඳගත්තා.
'මන් නිදිනන් මගෙ නල්ලට සොෆ්ට් කිස් එකක් දෙනවද '
ජිමින්ට එක් වරම මතක් වුනෙ එදා ජන්කුක් අහපු දෙයයි.
දිගින් දිගටම ජන්කුක්ගෙ කටහඩ ජිමින්ගෙ ඔලුවෙ රැව් දෙන්න වූ නිසා ජිමින් තමන්ගෙ රෝස පාට තොල් ජන්කුක්ගෙ හිස මත රැඳෙව්වා." සුබ රාත්රියක් ...ජන්කුක් ශි "
☆☆
;)
YOU ARE READING
Psycho || Jikook
FanfictionPsychiatry || jeon jungkook a psychopath and park jimin is his psychologist :") All credits goes to the real author, @lipzx- Original book you can find in my reading list.. 📌short chapters 📌 smut 📌angst pls be kind enough to do not read this bo...