දිවා අහාරයෙන් මද වේලාවකට පසු යීබෝ Shopping යන්න ලෑස්ති වුනේ අමුත්තෙක් සදහා අවශ්‍ය කිසිදු භාණ්ඩයක් ඒ වනවිට ඔහුගේ නිවසේ නොතිබුණු නිසා...යීබෝගේ මාලිගාවේ මේ වෙනකන්ම කාටවත් දොරටු විවර නොවූ අතර යීබෝට අවශ්‍ය වුයේ තනිව නිදහස් ජීවිතයක් ගත කිරීමටයි...නමුත් වූෂියැන් මේ සියලු සීමා මායිම් බිද දැමුවේ හමුවී පැය කිහිපයක් ඇතුලත. වූෂියැන්ට වඩාත් සමීප වූ යීබෝ ඔහුව දිගටම ඒ ගෙදරම තියාගන්න මේ වනවිටත් සැලසුම් කරලයි තිබුණේ...
![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra. 🦁 වෙයි යින් ඔයා ලෑස්තිද?
❤️ තාම ඉවර නෑ ....
යීබෝ ලෑස්ති වෙලා දැන් පැය භාගයකටත් වැඩි වේලාවක් ගත වී තිබුනා... කොච්චර කතා කලත් වූෂියැන් තාම ලෑස්ති වෙලා තිබුණේ නෑ.. බලාගෙන ඉදලා ඇති වෙලා යීබෝ උඩට ආවේ ඇදන් ඉන්න ඇදුම පිටින්ම හරි එක්කන් යනවා කියලා හිතාගෙන....
🦁 මෙච්චර වෙලා මොනවාද කරන්නේ ?
❤️ මට ඇදුමක් තෝරා ගන්න බෑ....
🦁 ඉන්න එහෙනම් මං එකක් තෝරලා දෙන්නම් ...
වූෂියැන් ජින් ලින්ගේ Wardrobe එකේ සියලු ඇදුම් ගෙන ඇද මත දමා තිබූනි...කාමරයේ තිබූ අනෙකුත් බඩුද පෙර පරිදි පිලිවෙලකට නොතිබුනේ වූෂියැන්ගේ දගකාරකම් වලට පින් සිදු වන්නටය ...බැලූ බැල්මට කාමරය ලෝක යුද්ධයක් තිබූ යුධ පිටියකට දෙවෙනි නොවීය ....
🦁 Oh God ඔයා මේ කාමරේ එක දවසින් මෙහෙම විනාශ කලේ කොහොමද ? ආ'ලින් දැක්කා නම් පිස්සු හැදෙයි එයාට. ඔයා දන්නවද එයා කොච්චර පිලිවෙලකට ඉන්න කෙනෙක්ද කියලා .......
බිම වැටිලා තිබුණු ඇදුම් අරන් ඇදට දාන ගමන් යීබෝ එහෙම කිව්වේ ජින් ලින්ගේ වැඩ පිලිවෙල ඔහු හොදින්ම අදුනන බැවින්...

ESTÁS LEYENDO
We Are Made To Love
Fanficප්‍රේමය නම් වූ සංසාරික බැදීම වෙනුවෙන් පෙර ආත්මයේද, මේ ආත්මයේද සසර පුරාවටම මතු මතු ආත්මයක් පාසාම මා ඔබ වෙනුවෙන්ම උපදින්නම් ........ දිනක අප අමරණීය වේවි සසර ගමන නිමා වේවි එදින දක්වාම ආදරයෙන් මා පරිස්සම් කරන එකම වස්තුව නුඹයි .... කොටින්ම මාගේ ප්‍ර...