Night Club එකෙන් පිටතට පැමිණි චාන් මද දුරක් ආලෝකය සහිත මාර්ගයේ ඇවිද ගියේය ... ඔහුගේ සිත කුමක්දැයි කිව නොහැකි අමුතු දුකකින් පිරී ගොසිනි ..මධ්‍යම රාත්‍රියත් පසුවී කෑලි කැපිය හැකි තරම් ඝනදුරකින් අවට පරිසරය වැසී තිබුණි ... පාරේ අතරින් පතරින් යන වාහනයක් දෙකක් ඇර වෙනත් කිසිදු පුද්ගලයෙක් නොවීය ....
තවත් ඉදිරියට ඇවිද ආ ඔහුට හමුවූයේ කළුවරින් පිරුණු මාර්ගයකි... ඉදිරියට ඇවිද යන්නද , එතැන නතර වෙන්නද කියා චාන්ගේ සිත තුල දෙගිඩියාවෙන් පෙලමින් පැවතුණ අතර ඔහු ඉදිරියට යාම තෝරා ගත්තේය...
චාන් බෙයිජිං වල දන්නේ ස්ථානයන් දෙකක් පමණි .. එකක් චාන්ගේ University එක වූ Tsignhua University එකත් , අනිත් එකනම් යීබෝගේ නිවසත් පමණි ...
පාරට ආවත් යන්නට ඇත්තේ එකම තැනක් බව වැටහුණු චාන් සෙමින් සෙමින් යීබෝගේ නිවස ඇති ප්‍රදේශයට ඇවිද ගියේය ...... යීබෝගේ නිවස තිබුණේ Night Club එකට 4Km පමණ ඈතිනි ... විවිධ දෑ ගැන සිතමින් ඔහේ ඇවිද ආ චාන්ට නිවසට ලං වන තුරුම දැනුනේවත් නැත..
කෙතරම් විශාල නිවසක් වුවත් මුළු නිවසටම සිටියේ එකම එක සේවකයෙක් පමණි... ඒ යීබෝ කුඩා කල පටන් ඔහුගේ නිවසේ සේවය කල Mr. Lee පමණි .. ඔහුත් උදෑසන පැමිණ සියලු වැඩ නිමා කර ගොස් නැවත සවසට පැමිණ ආහාර සාදා නිවසට යයි.. එමනිසා රාත්‍රි කාලයේ නිවස සම්පූර්ණයෙන්ම පාළු ගතියකින් යුක්ත විය ..
ESTÁS LEYENDO
We Are Made To Love
Fanficප්‍රේමය නම් වූ සංසාරික බැදීම වෙනුවෙන් පෙර ආත්මයේද, මේ ආත්මයේද සසර පුරාවටම මතු මතු ආත්මයක් පාසාම මා ඔබ වෙනුවෙන්ම උපදින්නම් ........ දිනක අප අමරණීය වේවි සසර ගමන නිමා වේවි එදින දක්වාම ආදරයෙන් මා පරිස්සම් කරන එකම වස්තුව නුඹයි .... කොටින්ම මාගේ ප්‍ර...