- 10 -

433 127 9
                                    

" ආයෙ මොනවද පුතේ... මේ කාලකණ්ණියට තව මොනවද... අර හදාගත්ත හොටෙල් එක තියෙන්නේ... ඒක හදලා තියෙන්නේ මේ කෝලමාගේ ඉඩමකනේ... මේ ඔම්මා කියන්නේ උඹ මේ දරුවට කරපු අපරාදෙට උඹට හොඳක් වෙන්නෑ ජන්කුක්... මගේ දරුවෙක් කියන්නත් ලැජ්ජයි... එතකොට ඔයා... මැරි කරපු මිනිහෙක්ගේ ඇඟේ එල්ලෙන්න ලැජ්ජ නැද්ද ? "

" මං කාගෙවත් ඇඟේ බලෙන් එල්ලෙන්න ගියේ නෑ. ඔයාම තමයි ජන්කුක්ව බලෙන් බැන්ඳුවේ. "

" ඇත්තද පුතේ මේ කියන්නේ ? කියපන් බලන්න මේක ඇත්තද කියලා... මං උඹව බලෙන්ද බැන්ඳුවේ ? "

" බලෙන් තමා... ජන්කුක් ආදරේ කළේ මට... අදටත් ආදරේ කරන්නේ මට... "

ඒ වෙලාවේ ජිමින් කතා කළා.

" නෑ... එච්චර ආදරයක් බොරුවට පෙන්නන්න බෑ. එයා මටත් පොඩ්ඩක් හරි ආදරේ කරන්න ඇති. "

ජිමින් මගේ මූණ දිහාම බලාගෙන හිටියා.

ටේමින් හිටියේ හරියටම මට ඉස්සරහින්.

ජිමින් හුඟක් පුංචියි. එයා හැරිලා ඔලුව උස්සලා ටේමින් දිහා බලාගෙන හිටියා.

" එතකොට මාව බැන්ඳේ සල්ලි වලට ද ? "

" දැන් තේරෙනවනේ... " ටේමින් කිව්වා.

ජිමින් ආපහු එක පාරක් වත් මං දිහා හැරිලා බැලුවෙ නෑ. එයා යන්න ගියා. ඒත් මං බලාපොරොත්තු වුණා එයා එක පාරක් හරි ආපහු මං දිහා හැරිලා බලයි කියලා.

" ඔයාට මේ මැරේජ් එකෙන් වැඩක් නෑ ජිමින්.... ඔයා ජන්කුක්ට ඩිවෝස් එක දෙන්න.. "

ජිමින් නැවතුණා.

" ඕන වෙන එකක් නෑ "

***

_MatheeJM_

The cheater || Jikook || Oneshot ✔️Where stories live. Discover now