ජිමිනුයි ඔම්මයි යන්න ගියා. මම ඒ වෙලාවේ ජිමින්ට ඇත්ත කිව්වේ වත් මට වටින්නේ ටේමින්ව කියලවත් කිව්වේ නෑ කියලා ටේමින් ලොකු රණ්ඩුවක් කළා. ඊට පස්සේ රූම් එකේ දොර වහගෙන නිදාගත්තා. මම අපාර්ට්මන්ට් එකේ බැල්කනි එකට වෙලා කල්පනා කළා. දැන් අනිවාරෙන්ම ජිමින් මගෙන් වෙන් වෙන බව මම දැනගෙන හිටියා.
මම ජිමින්ව මැරි කළෙත් වෙන් වෙන්න හිතාගෙන. මම ජිමින්ගෙන් වෙන් වෙන්න හේතුවක් හොය හොයා හිටියා. ඒත්... එයා වෙන් වෙනවා කියලා දැනුනම මට ආවේ හිතාගන්නවත් බැරි වේදනාවක්. ජිමින් ද ටේමින් ද කියලා ස්ථිරවම තෝරගන්න ඕන තැනට මං ඇවිත් බව මම දැනගෙන හිටියා. කිසිම දෙයක් ඉවසීමෙන් කරන්න මට කල්පනාවක් තිබ්බේ නෑ. ඇත්තටම මට ඕනි වුණේ ජිමින් එක්ක කතා කරන්න. මගෙන් වෙන් වෙන්න එපා කියන්න. එහෙම කියන්න ඕනි වුණත් ඇයි මං එහෙම කියන්නේ කියලා මටවත් හිතාගන්න බැරිවුණා. මං තීරණයා කළා ගෙදර යන්න. මම ලෑස්ති වුණා.
" කොහෙද යන්නේ ? " ටේමින් ඇහුවා.
" ගෙදර "
" ඇයි ? "
" මේ වෙලාවේ ප්‍රශ්නේ දිග් ගස්සන්න එපා ටේමින් "
" දැන් ඔයා ගෙදර කියලා කිව්වේ ඔම්මලගේ ගෙදර ද ? ජිමින්ගේ ගෙදර ද ? "
මම නිහඬවම සපත්තු දාගත්තා.
" ජිමින් අඬාගෙන ගියාම දුක ද ? දැන් ඔය නළවන්න ද යන්න හදන්නේ ? "
" එයා අඬාගෙන ගියේ නෑ. ගහක් ගලක් වගේ ගිය එකයි මට බය "
" බය ? ඔයා මොකටද බය වෙන්නේ එයා ගැන ? මම අහන්නේ ඔයා මොකටද ජිමින් ගැන ඔච්චර වද වෙන්නේ කියලා ? "
" යකෝ අපි දෙන්නම එකතු වෙලා ඒ කොල්ලට කළේ සුළුපටු වංචාවක් නෙවෙයි. එයා අහිංසක කොල්ලෙක්. පව්..."
" අහා... ඔච්චරටම කැක්කුම නම් එයත් එක්කම ජීවත් වෙනවකෝ.. ඉවරනේ.. "
" මේ සිටුවේශන් එක තේරුම් ගන්න මිනී... ඒ කොල්ලට මං ඇරෙන්න වෙන කවුද ඉන්නේ ? "
***
_MatheeJM_
YOU ARE READING
The cheater || Jikook || Oneshot ✔️
Fanfictionජීවත් වෙන්නට හෝ ඔබ මත්තේ මියෙන්නට මා කළේ උතුරන්නයි ආදරේ.... Start Date :- 04/ 10/ 2021 End Date :- 04/ 10/ 2021