ඊට පස්සේ මං ජොබ් එකේ ඉන්න ගමන්ම හොටෙල් එක හැදුවා. මාස පහක් යද්දි වැඩ ඉවරයි. ඒ වෙනකොට ටේමින් මට කරදර කරන්න පටන් ගත්තා. එයා නිතරම ඇහුවේ කවදද ජිමින්ගෙන් ඩිවෝස් වෙන්නෙ කියලා. ඇත්තටම ඔව්. මට ජිමින්ගෙන් ඩිවෝස් වෙන්න ඕනි වුණා. ටේමින් එක්ක ලස්සනට ජීවත් වෙන්න ඕනි වුණා. ඒත් මට ජිමින්ගෙන් ගැළවෙන්න කිසිම පාරක් පෙණුනේ නෑ. ඩිවෝස් වෙන්න හේතුවක් හදාගන්න මොකක් හරි වැරැද්දක් තියෙන්න එපැයි. මට එහෙම හේතුවක් හම්බ වුණේම නැහැ.
ඒත් ජිමින්ට හේතුවක් හම්බ වුණා. අපේ ඔම්මට මං ගැන ඇතිවුණු සැකයක් නිසා ඔම්මා මං නැවතිලා ඉන්න අපාර්ට්මන්ට් එක ගැන හොයලා තිබ්බා. ටේමින් එක්ක මං එකට ජීවත් වෙන බව ඔම්මා දැනගෙන හිටියා. මගේ බර්ත්ඩේ එක දවසේ මාව පුදුම කරවන්න කියලා ජිමිනුත් එක්ක සෝල් ආව අපෙ ඔම්මට ඕනි වෙලා තියෙන්නෙම ජිමින්ට මං ගෙවපු ජීවිතේ පෙන්නන්නයි. ඔම්මගේ ප්ලෑන් එක හරියටම හරි ගියා. රෑ අටට විතර මට ගිෆ්ට් එකකුත් අතේ තියාගෙන ජිමින් අපේ අපාර්ට්මන්ට් එකේ ඩෝ බෙල් එක ගහනකොට ටේමින් ගිහින් දොර ඇරියේ චූටි ශෝට් එකක් විතරක් ඇඳගෙන.
අපේ ඔම්මා හතුරෙක් දිහා බලනවා වගෙව් මං දිහා බලාගෙන සද්ද නැතුව හිටියා. ඇත්තටම මට කතා කරන්න කිසිම දෙයක් කටට ආවේ නෑ. ජිමින් නිහඬවම ගේ පුරාම ඇවිද්දා. ඊට පස්සේ මුකුත්ම කතා නොකර අපාර්ට්මන්ට් එකෙන් එළියට ගියා. ඒ වෙනකම්ම සෝෆා එකේ ඉඳගෙන නියපොතු හප හප හිටිය ටේමින් ,ජිමින් එක්කම එළියට ගියා.
" ජිමින් ඔයාට පේනවනේ... ජන්කුක් ආදරේ මට... ජීවත් වෙන්න කැමති මාත් එක්ක... දැන් ඔයා ඇස් දෙකෙන්ම දැක්කනේ... දැන් ඉතින් ඔයා එයාට ඩිවෝස් එක දෙන්න.. "
ජිමින් ආපහු ගේ ඇතුළට ආවා. කෙළින්ම මගේ ළඟට ආවා. මගේ ඇස් දෙක දිහා බලාගෙන මෙහෙම ඇහුවා.
" මම ඩිවෝස් වුණාම මගේ දේවල් ජන්කුක්ට අයිති වෙන්නෙ නෑනේ. "
ඔම්මා කෑගහගෙන මැද්දට පැන්නා.
***
_MatheeJM_
YOU ARE READING
The cheater || Jikook || Oneshot ✔️
Hayran Kurguජීවත් වෙන්නට හෝ ඔබ මත්තේ මියෙන්නට මා කළේ උතුරන්නයි ආදරේ.... Start Date :- 04/ 10/ 2021 End Date :- 04/ 10/ 2021