මං මුලදි ජිමින්ට කොට පාත්තයා කියලා කිව්වෙ උපහාසයට. ඒත් එයා මං එහෙම කියනවට කැමති වුණා. ඒක නිසා මං හැමවෙලේම එයාට කිව්වේ කොට පාත්තයා කියලා.
" ඔයා ඇයි ඔයාගේ යාලුවන්ට මාව අඳුන්වලා දෙන්නෙ නැත්තේ ? මාව පෙන්නන්න ලැජ්ජයි ද ? "
" දෙනවා දෙකක් කටට... අපි ලොකුවට වෙඩින් එකක් ගත්තද ඔයාව එයාලට පෙන්නන්න ? අනික එයාලා ඔයාව දැකලා තියෙන්නේ "
" ඒ කොහොමද ? "
" හැම වීකෙන්ඩ් එකකම අපි දෙන්නා ගන්න ෆොටෝස් මං එයාලට පෙන්නනවා "
ජිමින් එයාගේ ඇස් ගිලෙන හිනාවෙන් හරි ලස්සනට හිනා වුණා. මොහොතකට මං ඒ හිනාව අස්සේ අතරමං වුණේ නෑ කිව්වොත් බොරුවක්.
ඒත් හැම වීකෙන්ඩ් එකේම එයාගේ ආදරේ, විශ්වාසය දිනාගන්න මම ගන්න ෆොටෝස් එකක් නෑර හැම සඳුදම කාර් එකේදි මං ඩිලීට් කරනවා කියලා ජිමින් කවදාවත් හිතන්නවත් නැතුව ඇති.
***
_MatheeJM_
YOU ARE READING
The cheater || Jikook || Oneshot ✔️
Fanficජීවත් වෙන්නට හෝ ඔබ මත්තේ මියෙන්නට මා කළේ උතුරන්නයි ආදරේ.... Start Date :- 04/ 10/ 2021 End Date :- 04/ 10/ 2021