- 12 -

657 151 152
                                    

ඔය වෙලාවේ තමයි මට හරියටම දැණුනේ ජිමින් මගේ ජීවිතෙන් ගියොත් මගේ ජීවිතේ ලොකු හිස් තැනක් හැදෙනවා කියලා. එතකොට ටේමින්... මං හේතුව කියන්න දන්නේ නෑ. මම දන්නෙ නෑ මම පණ වගේ ආදරේ කරපු ටේමින් සම්බන්ධයෙන් මම වෙනස් වුණේ කවද්ද කියන්න. ටේමින් මගේ ජීවිතෙන් ගියොත් මට දුක හිතෙයි. ඒත් ජිමින් ගියොත් ඇති වෙන හිඩැස වගේ එකක් නම් කවදාවත් හැදෙන්නෑ කියලා මට තේරුණා.

ටේමින් කිව්වා අද ඔයා ගියොත් අපි දෙන්නගේ අෆෙයා එක මෙතනින් ඉවරයි කියලා. අපි හදපු හොටෙල්  එකේ ඉඩම තියෙන්නේ එයාගේ නමට නිසා ඒකෙ කිසිම අයිතියක් මට නෑ කියලා. ඒත් මම යන්න ලෑස්ති වුණා. එතකොට ටේමින් කිව්වා ආපහු එනකොට මේ ගෙදර කොහේහරි එයා එල්ලිලා ඉඳී කියලා.

ඇත්තටම මට ඒ කිසි දෙයක් ඇහුණේ නෑ. මට ඕනි වුණේ ජිමින් ළඟට යන්න විතරයි. ඒ ඇස් ගිලෙන හිනාවේ ආපහු වතාවක් අතරමං වෙන්න මට ඕනි වුණා. ඒත් මම ටේමින්ට කළෙත් වැරැද්දක් නේද කියන හැඟීම මගේ හිතට වද දුන්නා. කසාද නොබැඳම අවුරුදු දෙකක් පුරාවට මාත් එක්ක ජීවත් වුණ කෙනා.

ඒ වෙලාවේ ජිමින්ගෙන් මැසේජ් එකක් ආවා.

' ඔයාට ඕනි වුණේ දේපළ කියලා කිව්වා නම් ඔයාට රඟපාන්න එච්චර මහන්සි වෙන්න ඕනි වෙන්නේ නෑ. මම ම දෙනවනේ ජන්කුක්....
කොහොමහරි මාව මැරි කරලා ඔයාට ඕනි වුණ දේ ඔයාට ලැබෙයි. '

" මං එනවා. " මං යැව්වේ එච්චරයි.

' ඔයාට එන්නම වෙනවා. '

ඒ ජිමින්ගේ රිප්ලයි එක.

ඒ වෙලාව වෙනකොට මගේ මුලු හිතම ජිමින්ට වෙන් වෙලා ඉවරයි. මට ඒ කොට පාත්තයත් එක්ක මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න ඕන. මොන දේපල , මොන වස්තුව , මොන ජොබ් එක නැති වුණත් මට ඒ කොට පාත්තයව ඕන.

පැය හතරක ගමනකින් පස්සේ මම ගෙදරට ආවා. මගෙයි මගේ කොට පාත්තයාගෙයි ගෙදරට.

එතකොට මගේ කොට පාත්තයාගේ පුංචි මිනිය අපි දෙන්නගේ රූම් එකේ ෆෑන් එකෙන් බානවා...

අදටත් මම මගේ කොට පාත්තයාගේ මං ආසම ඒ ඇස් ගිලෙන හිනාව තව එක පාරක් දකින්න ආසාවෙන් සෝල් මානසික රෝහලේ හතර වෙනි තට්ටුවේ ඉඳන් එයා එනකන් බලාන ඉන්නවා...

මන් දන්නවා එයා කවදම හරි ආපහු ඒවි....

එයාගේ කුකී ළඟට...

    
      
                            නිමි 🍁
__________________________________________________________________

ඔයාලට දැනුනු දේ කියාගෙන යන්න.

පරිස්සමින් ඉන්න.

_MatheeJM_

Story Cover by :- Lali_za4

The cheater || Jikook || Oneshot ✔️Where stories live. Discover now