07- ඇපල් මල

2.6K 574 165
                                    

ඔන්න එදා හොඳටම වැස්ස 

මමයි ජිමිනායි හොබියයි ජිනුයි එදත් හිටියෙ මගෙ ජන්කුක් ලට පැරලල්.

"අදටත් ඔබ මාගෙ
පලමු පෙම්වතා"

ජන්කුක් දිහා බලන ගමන් මම මගෙ දුක වචන වලට පෙරලුවා.

"වහ ගනින් ඔය ටකරම"
ජිමින් මට තර්ජනය කලා.

"තොට නම් මොකො. මගෙ පපුවෙ ඇවිලෙන ගින්දර දන්නෙ මම විතරයි.,☹️"

"ගිනි නිවන හමුදාවට කතා කරමුද??"

මුට විහිලු 😒.

අපේ සිංහල මැඩම් ඒ අස්සෙ කෑරගල වැනුම උගන්වනවා.

"නොමද තැනින් තැන වලු බර වන රඹය
එමැද වෙහෙර දිලි දුරලන සසර බය"

මම හිටියෙ ජන්කුක් ගෙ සිහියෙන්.

මැඩම් ඕක කිව්වා විතරයි අර ජින් කාරයා උගෙ කොකා හිනාව දාන්න ගත්තා. ටික වෙලාවකින් හොබියත් ට්‍රැක්ටරේ ස්ටාට් කලා. දැන් ජිමිනත් හිනාවෙනවා.

පන්තියෙ උනුත් අපි දිහා බලනවා. හෑ?? මේ මොකෝ 😒. මුන් මේ පස්සෙ කහඹිලියා ඇතිල්ලුවා වගෙ හිනා වෙන්නෙ?

"මොකෝ?"
මමත් ජිමින්ට ඇන්න

"වලු බරලු බං"

"මොකක්??"

"වලු බරලු. උඹෙ කුකීගෙ වගෙ 😂"
ජිමිනා කියනකොට තමා මටත් වැඩේ තේරුණෙ.
හුටා.....
මාත් මීතොටමුල්ලෙ කුණු කන්ද වගෙ කුණු ගැහුන හිතක් තියෙන එකෙක්නෙ හොඳම යාලුවා කියලා හිතන් ඉඳලා තියෙන්නෙ.

ඒ අස්සෙ මැඩම් අපි දිහා බලනවා.

"නවත්තපල්ලා සුනකයනි!!"
මම කිව්වෙ මැඩම් අපිව එලියට දැම්මොත් ජන්කුක් ව බලලත් හමාර නිසා.

මැඩම් උගන්වනව. ජන්කුක් පාඩමට බැහැල. බැහැලා කියන්නෙ ඇතුළටම බැහැලා. මාත් ජන්කුක් ගෙ ලෝකෙ ඇතුළටම බැහැල හිටියෙ.

"ඕයි ටේ!!"
හොබියා කියනකොට මම ශේප් එකෙ බැලුවා.

මිනිහා හිටියෙ බිත්තිය අයිනෙම කොනෙ.

"මේ බලහන්කො"
ඌ මට කොලකෑල්ලක් පාස් කලා.

"මොනවාද?"

High School Romance | TK ✓Where stories live. Discover now