ඉතිහාසය සර් පන්තිය ඉස්සරහ ජන්කුක් ගෙ ගං කබරයාට ගහලා කරපු වැරැද්ද ට අපි තීරණය කලා පලි ගන්න😏.
මම ජන්කුක් ගෙ ගං කබරයා
කවුද?
ජන්කුක් ගෙ ගං කබරයා
මේ ගං කබරයා කාටවත් දෙවනි වෙන්නෙ නෑ
මමයි ජිමිනායි, ජිනුයි, හොබියයි තීරණය කලා සර්ගෙන් පලි ගන්න.
පලි ගන්නවා!!!
(අර මායා එකේ කෑ ගහන විදියට මවා ගන්න)ඔව්.
අපි තීරණය කලා
සර්ගෙ පස්සෙ හුණු ගාන්න😌
ගුටි කාලා පහු වෙනිදා සර් එන්න කලින් ගුරු පුටුවෙ අපි හතර දෙනා එකතු වෙලා ගෑවා හුණු.
පන්තියෙ ළමයි බලන් හිටියා තමා. උන් අපිව පාවා දෙන් නෑ😊.
හොඳට ගාලා ගිහින් වාඩි උනා පිටිපස්සෙ.
සර් ඇවිල්ලා පුටුවෙ උගෙ තඩි පස්ස තියාගෙන වාඩි වෙලා උගන්වනවා.
ජිමිනා හිටපු ගමන් හික් ගානවා.
ටික වෙලාවකින් හක් ගානවා
මට අනිනවා.
ඇඹරෙනවා......."අඩෝ..."
මෙන්න යුන්ගියා කතා කරනවා."මොකෝ.."
මම උත්තරයක් දෙන්න කලින් ජිමිනා පැන්නා.යුන්ගියා ඉතින් ජිමිනාගෙ සදාදරණීය පුවක් පස්සා නෙ.
"සර්ගෙ ගෑවෙයිද බං හුණු"
"ගෑවෙයි ගෑවෙයි"
ජිමිනත් හිනා වෙවී කියනවා."ගෑවුනොත් හොඳයි ඉතින්"
මෙන්න ජන්කුක් කතා කලා.අනෙ මගෙ ගං කබර හදවත එලියට පනින්න එනවා.
ඒ කටහඬ....මාව පිස්සෙක් කලා😍.
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් කබරා
නුඹ හීනෙන්වත්
නොදකින කුමරා........කමක් නෑ ඌ නොදැක්කාට මොකො. දෙන්නටම හරි යන්න මම දකිනවා නේ....😁
ඒවා මෙතන ලියන්න බෑ....... (ඒවා ලිව්වොත් 21+ කියලා දාන්න වෙනවා)
"ගෑවෙයි"
මමත් කතාවෙ මැදද්ට පැන්නාම ජන්කුක් අහක බලා ගත්තා.☹️.
YOU ARE READING
High School Romance | TK ✓
Fanfiction"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්යුන්- "මම බොට කැමති නෑ මිනිහො" -ජන්කුක්- "මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා 😫" ...