අද තමා OL 😬
මේ මගුල ලියන්න තිබ්බෙත් අපෙ ඉස්කෝලේ මයි.
මම උදේ පාන්දරම ඉස්කෝලෙ ගියෙ ජිමිනා එක්ක.
අම්මටයි තාත්තාටයි වැඳලා හනි හනික ඉස්කොලෙ දිව්වෙ ජන්කුක් ව ලියන්න කලින් බලාගන්න ඕනෙ නිසා.
මමයි ජිමිනයි ඉස්කෝලේට ගිහිල්ලා අපෙ හෝල් හොයාගෙන ගියා.
කොහෙද කියලා දන්නෙ නැතිව අපි දෙන්නා අතරමං වෙලා.
අනාත මාරුතේ 😬
වෙන ස්කෝල වල ළමයිනුත් ඇවිත්. ජන්කුක් ගෙ කෙල්ල ඉන්න ඉස්කොලෙත් exam පියන්නෙ අපෙ ඉස්කොලෙ.....ජන්කුක්ත් පේන තෙක් මානයක නෑ.
මමයි ජිමිනායි හතර වටෙ හෝල් එක search කර කර ඇවිද්දා.
"Excuse me."
පල් වෙච්ච ගෙජ්ජි හෙලවනවා වගෙ ශබ්දයක් කන ලගින් ඇහුන නිසා මට නිකම්ම හැරිලා බැලුනා.
"හායි."
මොකෙක්ද මන්දා ලලානාවක් අඹර අඹර අපි දෙන්නා දිහා බලන් ඉන්නවා.වෙන ඉස්කොලෙක.
"හායි"
ජිමිනාත් කිව්වා."ම්.... හෝල් එක හොයා ගන්න බෑනෙ"
මේකි වමට ඇඹරෙනවා.... දකුණට ඇඹරෙනවා.මොන මගුලක්ද?
"ම්.... මොකක් ද හෝල් එක?"
මමත් ඇහුවෙ අපිත් අතරමං වෙලා කියලා අමතක කරලා."13"
"ආ... අපි 12. එක ළග ඇත්තෙ... ඉන්නකො ටීචර් කෙනෙක්ගෙන් අහමුකො"
මමත් පොර ටෝකක් දීලා ගිහින් ඇහුවා ටීචර් කෙනෙක්ගෙන්.එයා හෝල් තියන බිල්ඩින් එක පෙන්නුවාම මම අර කෙල්ලයි ජිමිනා ගාවටයි ඇවිත් පෙන්නුවා.
"අනේ ඒකද? තැන්කියු අනේ.."
ඒ කෙල්ල වන වන කියනවා."අඩෝලා........ කොහොමද ෆිට් ද?"
එතනට දුවගෙන ආවෙ බෙක්."හායි....."
මම බෙක්ව මගෙ ලගට ඇදලා ගන්න ගමන් කිව්වෙ ඌ ජන්කුක් ගෙ කෙල්ලව මට පෙන්වනවා කියලා පොරොන්දු උන නිසා."ජෙනී.... මේ ඉන්නෙ ටේ.... ටේ මේ ජෙනි"
බෙක් අර සක්කර වට්ටමට මාව පෙන්නලා කිව්වා.
YOU ARE READING
High School Romance | TK ✓
Fanfiction"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්යුන්- "මම බොට කැමති නෑ මිනිහො" -ජන්කුක්- "මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා 😫" ...